Thursday, May 2, 2024
Homeදේශීයචීන පෙට්‍රල් නිසා තෙල් සංථාවට දැනෙන පාඩුවක්

චීන පෙට්‍රල් නිසා තෙල් සංථාවට දැනෙන පාඩුවක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් අලෙවිය කැපී පෙනන ලෙස පහළ යාම එහි ආදායමට සෘජුව බලපා ඇති බව වාර්තා වේ.

චීනයේ සයිනොපෙක් සමාගම අඩු මිල ගණන් යටතේ ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් අලෙවි කිරීම හේතුවෙන් මෙලෙස ඉන්ධන ඉල්ලුම පහළ ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

චීනයේ සයිනොපෙක් සමාගමේ ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 358කට අලෙවි වන අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 365කට අලෙවි වේ.

මෙම තත්ත්වය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාභය සඳහා මේ වන විට සෘජු බලපෑමක් එල්ල කර ඇති බව සඳහන්ය.

එමෙන්ම මේ වන විට චීනයේ සයිනොපෙක් සමාගම සඳහා ඛනිජ තෙල් සංස්ථාව සතු  ඉන්ධන හල් 100කට ආසන්න සංඛ්‍යාවක් මේ දක්වා ලබාදී ඇති අතර තවත් ඉන්ධන හල් 50ක් පමණ ඔවුන් වෙත ලබාදීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් චීන සමාගම වෙත සිය ඉන්ධන හල් ලබාදිම සම්බන්ධයෙන් ඛනිජ තෙල් බෙදුම්කරුවන් අතර විරෝධයක් මතුව ඇති බව ද වාර්තා වේ.

මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට පෙර සයිනොපෙක් සමාගම ඉදිරිපත් කළ එකඟතා සම්පුර්ණ කිරිමට ඔවුන් කටයුතු කර නොමැති විම ඊට හේතුවී ඇති බව සඳහන්ය. 

කෙසේවතත් සයිනොපෙක් සමාගම අඩු මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කරන විට ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීම ඉතාම අසාධාරණ බවද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වාදෙයි.

ඛනිජ තෙල් සම්බන්ධයෙන් නියාමන කොමිසමක් පිහිටුවා නොමැති බැවින් ඊට එරෙහිව කටයුතු කළ නොහැකි තත්ත්වයක් ද උද්ගතව ඇති බව සඳහන්ය.

මේ අතර මතුව ඇති ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

එහිදි අදාළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බව එම සංගමයේ ප්‍රකාශයෙකු සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments