Friday, May 17, 2024
Homeදේශීය“ජනතාව රවට්ටන්න එපා, තවත් රුපියල් 100කින් ඉන්ධන මිල අඩු කරන්න පුළුවන්” –...

“ජනතාව රවට්ටන්න එපා, තවත් රුපියල් 100කින් ඉන්ධන මිල අඩු කරන්න පුළුවන්” – මහජන උපයෝගිතා කොමිසම

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන ආනයනය සඳහා ගෙවන සත්‍ය මිල ගණන් අනුව ඉන්ධන ලීටරයක දේශීය මිල අඩුම වශයෙන් රුපියල් 100 කින් පමණ පහළ දැමිය හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේය. ඉන්ධන නියාමනය කිරීමේ ක්‍රමවේදය විධිමත්ව සිදුකරගෙන යාමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවට භාරදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

වත්මන් ලෝක වෙළෙඳපොළ මිල ගණන් අනුව පෙරේදා (17 ) රාත්‍රියේ මෙරට ඉන්ධන මිල රුපියල් විස්සකින් සහ දහයකින් පහළ දැමීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් සාධාරණ වියදම් මත පදනම් වූ කාටත් දැනගත හැකි සරල ක්‍රමයකට ඉන්ධන මිල තිරණය කළ යුතු බවත් ඊයේ (18) මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී සභාපතිවරයා පැවසීය.

නිසි ඉන්ධන මිල සුත්‍රයක් නොමැති වීමෙන් විදුලිය නිපදචීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අනවශ්‍ය වියදමක් දැරීමට සිදුවන නිසා පාරදෘශ්‍ය මිල සුත්‍රයක් ක්‍රියාවට නගන්නැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව රජයෙන් ඉල්ලා සිටි. ලෝක වෙළෙඳපොළේ පවත්නා සත්‍ය මිල ගණන්වලට අනුකූලව මෙරට ඉන්ධන ලීටරයක මිල තවදුරටත් අඩුවිය යුතු බවත් සත්‍ය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් තමා මීට පෙර ඉදිරිපත් කළ දත්ත නිවැරැදි බවට මුදල් අමාත්‍යාංශය විසින් ද තහවුරු කර ඇති බව ජනක රත්නායක පැවසුවේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments