Sunday, April 28, 2024
Homeදේශීයජලය විකුණන බව කැබිනට් සංදේශයෙන්ම හෙළි කරයි

ජලය විකුණන බව කැබිනට් සංදේශයෙන්ම හෙළි කරයි

මෙරට ජල සම්පත විකුණා දැමීමට නව වටයකින් ප්‍රවේශ වී තිබෙන ආණ්ඩුව අගෝස්තු මස 29 වෙනි දින ඉතිරිපත් කළ කැබිනට් සංදේශයකින් ඒ බව වැඩි දුරටත් තහවුරු කර තිබේ.

“මෙරට ජල සම්පත විධිමත් පරිදි කලමනාකරණය කර ගනිමින් තිරසාර ලෙස භාවිතා කිරීම” යන සිරස්තලයෙන් එම කැබිනට් සංදේශය නම් කර තිබේ. එහි 7 වෙනි ඡේදය යටතේ එම විකිණීම පිළිබඳව වගන්ති ඇතුලත් කර ඇත. “ජල වෙළඳපොල සංකල්පය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පුළුල් ලෙස අධ්‍යයනය කිරීම” යනුවෙන් එම වගන්තියේ දැක්වේ.

මෙයට පෙර රටේ සම්පත් විකිණීමට ගෙන ආ කැබිනට් සංදේශ ගණනාවකදී ද මේ වැනි වගන්ති ඇතුලත් කර තිබූ අතර ආණ්ඩුව වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ බන්දුල ගුණවර්ධන ප්‍රමුඛ ඇමතිවරුන් කියා සිටියේ විකිණීමක් සිදු නොකරණ බවත් බදු දීමක් පමණක් සිදු කරන බවත් ය. එහෙත් එම කැබිනට් සංදේශවල විකිණීම යන්න පැහැදිලිව දක්වා තිබිණි.

මෙම කැබිනට් සංදේශය මගින් ද “ජල වෙළඳපොල සංකල්පය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පුළුල් ලෙස අධ්‍යයනය කිරීම යන්නෙන් විකිණිම පිළිබඳ තහවුරු කර ඇත. විශේෂයෙන්ම මේ වනවිට රටේ සමස්ත ජල පරිභෝජනයෙන් 88%කට හිමිකම් කියන කෘෂි කර්මාන්තයේදී මෙම විකිණීමේ ක්‍රියාවලිය තහවුරු කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව හෙළිවී තිබේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments