Saturday, May 4, 2024
Homeදේශීයජලාශවල ජල මට්ටම 32% ට බසී

ජලාශවල ජල මට්ටම 32% ට බසී

කෘෂිකර්මාන්තයට බාධාවක් නෑලු

අගෝස්තු 8 දා සිට වැස්ස ටික ටික – කාලගුණය කියයි

පවතින නියං තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රධාන ජලාශ තුළ මේ වනවිට ජලය ඇත්තේ සියයට 32 ක ප්‍රමාණයක් බව වාර්මාර්ග අධ්‍යක්ෂ වාරිමාර්ග ඉංජිනේරු (ජල කළමනාකරණ) සුදර්ශනී විදානපතිරණ මහත්මිය පැවසුවාය.

කෙසේ වෙතත්, කෘෂිකර්මාන්තයට අවශ්‍ය කරන ජලය කළමනාකරණය කරමින් ලබාදීමට මේ වනවිට පියවර ගෙන ඇතැයි ද ඇය කියා සිටියාය.

තවදුරටත් කතා කළ සුදර්ශනී විදානපතිරණ මහත්මිය මෙසේ ද පැවසුවාය.

කොහොමත් මේ කාලය වෙනකොට පවතින වියළි කාලගුණයත් එක්ක ප්‍රධාන ජලාශවල ජලය අඩු වෙනවා. නමුත් ඒක කෘෂිකර්මාන්තයට බාධාවක් වෙන්නේ නැහැ. මේ වෙනකොට බොහොා් ගොවීන් වගා කරන්න පටන් අරගෙන තියෙන්නේ. මේක එච්චර ගැටලුවක් නොවෙයි. අපහසුවෙන් වුණත් ජලය ලබාදීමේ හැකියාව තියෙනවා.

දිවයින පුරා පවතින කාලගුණික තත්ත්වය විමසීමට අපි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාර්ය භාර කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේවගේ මහතාව සම්බන්ධ කර ගත්තෙමු.

මේ දින කීපයේදී දිවයින පුරා වැසි රහිත තත්ත්වයක් තියෙන්නේ. කොහොම වුණත් අගෝස්තු 08 වැනිදා ඉඳලා වැස්ස ටික ටික වැඩි වෙනවා. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, ගාල්ල, මාතර, නුවර, නුවරඑළිය ප්‍රදේශවලට වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments