Monday, May 13, 2024
Homeදේශීයඩයනා ගැන තීන්දුව දීම පසුවට කල්තැබෙයි

ඩයනා ගැන තීන්දුව දීම පසුවට කල්තැබෙයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම මේ මස 31 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

එහි තීන්දුව අද (18) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඛේමා ස්වර්ණාධිපති සහ ඒ. මරික්කාර් යන ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

එහෙත් නඩුව අද කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේ අදාළ තීන්දුව මේ මස 31 වනදා ප්‍රකාශයට පත් කරන බවය.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරු කියා සිටින්නේ ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments