Tuesday, May 21, 2024
Homeදේශපාලනනව ජනපති තෝරන දිනය පක්ෂ නායක රැස්වීමේ දී තීරණය වෙයි (VIDEO)

නව ජනපති තෝරන දිනය පක්ෂ නායක රැස්වීමේ දී තීරණය වෙයි (VIDEO)

එළඹෙන 15 වනදා පාර්ලිමේන්තුව කැඳවා ජනාධිපතිවරයා ඉල්ලා අස්වූ බව දැනුම්දීමෙන් අනතුරුව 20 වනදා සිදුකෙරෙන ඡන්ද විමසීමක් හරහා පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයෙක් තෝරාගැනීමට පක්ෂ නායකයන් එකඟ වී තිබේ.

අද පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති පක්ෂ නායක හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා

ජනාධිපතිවරයෙක් අස්වෙලා දින 3ක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවා ඒකට දැනුම්දෙන්න ඕන. එතුමන්ලා නියම කළා ලබන සිකුරාදා 15 වෙනි සිකුරාදා පාර්ලිමේන්තුව කැඳවා ඒක දැනුම්දීලා නාමයෝජනා ප්‍රකාශයට පත්කරලා ඡන්දය තියන්න ඕන. දින නියම කරගත්තා එහෙම 13 වනදා අස්වුනාට පස්සේ ලබන සඳුදා නාමයෝජනා පත්‍ර භාරගැනීමටත්, ඒ වගේම නාමයෝජනා පත්‍ර භාර අරං දවස් දෙකක් ඇතුළත ඡන්දය තියන්න ඕන. ලබන බදාදා (20) වෙනකොට ඡන්දය පැවැත්වීමට තීරණය කළා. ඒ අනුව 20 වෙනිදා මේ රටේ මේ රටේ ජනාධිපතිවරයෙක් පත්කරගන්න පාර්ලිමේන්තුව කටයුතු කරන්න ඕන කියලා දින නියම කරගත්තා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments