Monday, April 29, 2024
Homeදේශීයපාසල් දිවා ආහාර වැඩසටහන ව්‍යාප්ත කෙරේ

පාසල් දිවා ආහාර වැඩසටහන ව්‍යාප්ත කෙරේ

මිලියන 1.6ක් වූ සියලු‍ම ප්‍රාථමික සිසුන් ආවරණය වන පරිදි 2024 වර්ෂයේදී පාසල් දිවා ආහාර වැඩසටහන ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ලෝක ආහාර වැඩසටහන මගින් සංවිධානය කර, ඔක්තෝබර් 18 සහ 19 දෙදින පුරා පැවැත්වෙන “ලෝක පාසල් ආහාර වැඩසටහනේ” ප්‍රථම ගෝලීය සමුළුව අමතමිනි.

2030 වර්ෂයේදී මිලියන 4.1ක් වූ සමස්ත ශිෂ්‍ය ගහනයම ආවරණය කරමින් නොමිලේ පාසල් දිවා ආහාරය ලබා දෙන බවත් ඊට අවශ්‍ය අයවැය ප්‍රතිපාදන ඩොලර් මිලියන 204 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

ඒ අනුව ලබන වසරේදී රාජ්‍ය පාසල් පෝෂණ ආධාර අරමුදලක් ස්ථාපිත කරන අතර ඊට අදාළ පනත හඳුන්වා දීමට ගෙන ඇති ප්‍රතිපත්ති තීරණය කෙටුම්පත් කිරීම දැනටමත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇති බවද හෙතෙම පැවසීය. 

ලෝක ආහාර වැඩසටහන, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය (USAID) මෙන්ම දේශීය ව්‍යාපාරික අංශය සහ රාජ්‍ය නොවන සංවිධානවල ද සහාය මෙම පාසල් පෝෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ලැබෙන අතර එම සහාය ඉදිරියටත් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.(derana)

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments