Monday, May 20, 2024
Homeදේශපාලනපාස්කු ප්‍රහාරය පෙන්වලා බලය ගත් අය ඒ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් නොකරන්නේ ප්‍රහාරයේ...

පාස්කු ප්‍රහාරය පෙන්වලා බලය ගත් අය ඒ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් නොකරන්නේ ප්‍රහාරයේ මහමොළකරුවන් ආණ්ඩුවේ ඉන්න නිසාද?

පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පිරිසට යුක්තිය ඉටු කරන බවට පවසමින් ජාතිවාදය ආගම්වාදය පතුරවමින් ජාතික සමගිය විනාශ කරමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය හෙළිදරව් නොකරන්නේ හා සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් නොපවත්වන්නේ මීට සම්බන්ධ පිරිස් ආණ්ඩුවේ සිටින නිසා ද? යන ගැටලුව මතුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

පාස්කු ප්‍රහාරය ගැන විනිවිධභාවයෙන් යුක්ත අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් අප රටේ පවත්වන ලෙස පුන පුනා ඉල්ලා සිටි බවත් ඒ මිලේච්ඡ ප්‍රහාරය නිසා ජීවිත රාශියක් අහිමි වූ බවත් මේ මිලේච්ඡ කුරිරු නීච හිංසනකාරී ප්‍රහාරය එදත් අදත් හෙට දවසේත් අපිත් සමස්ත ජනතාවත් තරයේ හෙලා දකින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ මොහොත වන විට අප රටේ මේ මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ සාධාරණ දේශීය පරීක්ෂණයක් සිදු නොවූ බවට අතිමහත් බහුතර ජනතාව පිළිගන්නා බවත් මේ ප්‍රහාරයෙන් මිය ගියෙ අපේ රටේ ජනතාවට ඒ ජනතාවට සාධාරණයක් හිමිවිය යුතු බවත් යුක්තිය හිමිවිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වත්මන් ආණ්ඩුව පවා ස්ථාපිත වූයේ ඒ සඳහා සාධාරණ පරීක්ෂණයක් කරන බවට වන පොරොන්දු ලබා දෙමින් බවයි.

දේශීය පරීක්ෂණයක් ක්‍රියාත්මක නොවීම තුල අද බරපතල ව්‍යාකූලත්වයක් නිර්මාණය වී ඇති බවත් පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට යුක්තිය ඉටු කරනවා යැයි බිහි වූ ආණ්ඩුව මේ ප්‍රහාරයට සම්බන්ධද කියා සත්‍ය වශයෙන් දැන ගත යුතු බවත් පාස්කු ප්‍රහාරය පිළිබඳ කළ සෑම පරීක්ෂණයක්ම මේ වන විට හංගා යට ගසා ඇති තත්ත්වය තුල කතෝලික ප්‍රජාව ප්‍රමුඛ රටේම ජනතාවට විශාල හානියක් මෙයින් සිදු වුණ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාස්කු ප්‍රහාරය මුල් කර ගෙන ඉස්ලාම් ජනතාවට එල්ල කළ ආගම්වාදී ජාතිවාදී ප්‍රහාර අමතක කළ නොහැකි බවත් ජාතිවාදය ආගම්වාදය පතුරවා ජාතික සමගිය පෙන්වා මැති ඇමතිකම් ලබා ගත් පිරිසට මෙහි මහ මොළකරුවන් හෙළිදරව් කරන්න අපාහොසත් වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ ආණ්ඩුවට මේ සම්බන්ධ ඇත්ත හොයන්න කොන්දක් නැති වුනාට ජාත්‍යන්තරය එහි ඇත්ත හෙළිදරව් කරමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් කාදිනල්තුමා කතා කරන විට ඒ ආගමික නායකයා විවේචනය කරන නිසා මේ සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුත් පරික්ෂණයක් අවශ්‍ය බවත් තේරීම් කාරකසභවක් පත් කරනවා යැයි කතාවක් යන බවත් එය හොරාගේ අම්මාගෙන් පේන ඇසිල්ලක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ලේ පිපාසිත මේ රජයට සත්‍ය හෙළිදරව් කරන්න හැකියාවක් නොමැති නිසා සාධාරණ ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවත් පැවසීය. එසේම සමගි ජන බලවේග රජයක් යටතේ මේ සදහා දේශීය හා ජාත්‍යන්තර සහයෝගීතාවෙන් යුත් සාධාරණ පරික්ෂණ පවත්වා යුක්තිය ඉටු කරන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments