Friday, May 17, 2024
Homeදේශීයපුංචි ඡන්දය ගැන සාකච්ඡාවට රාජ්‍ය නිලධාරීන් තිදෙනෙක් අද මැතිවරණ කොමිසමට

පුංචි ඡන්දය ගැන සාකච්ඡාවට රාජ්‍ය නිලධාරීන් තිදෙනෙක් අද මැතිවරණ කොමිසමට

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ රජයේ මුද්‍රණාලාධිපතිනිය ඇතුළු නිලධාරීන් අද (07) යළි මැතිවරණ කොමිසමට කැඳවීමට තීරණය කර තිබේ.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම පිළිබඳව මෙම හමුවේ දී අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි.

මේ අතර පළාත් පාලන මැතිවරණය මාර්තු 19 වැනි දා පැවැත්විය යුතු බව පවසමින් විපක්ෂයේ සියලුම පක්ෂ එක්ව මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී තිබේ.

අද පෙරවරු 9.00 ට කොමිසම හමුවීමට අවශ්‍ය බව ද පිරිස කොමිසමෙන් ඉල්ලා ඇත.

මේ අතර මැතිවරණ කොමිසම නිවේදනය කළේ, ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයට අනුව මුදල් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන සමග තවදුරටත් සාකච්ජා කර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් සිය තීරණය ලබන බ්‍රහස්පතින්දාට (09) පෙර ප්‍රකාශයට පත් කරන බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments