Sunday, April 28, 2024
Homeදේශපාලනමාධ්‍යවේදීන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුව තුල හඬ නඟයි 

මාධ්‍යවේදීන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුව තුල හඬ නඟයි 

නෙත් එෆ්. එම්. (Neth FM) රේඩියෝවේ හේමන්ත කහවලගේ, පවිත්‍රා මධුහර්ෂණී, සචිත් රවීෂ හා ස්වප්නා කාවින්දි යන මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීම වැරදි පුර්වාදර්ශයක් බැවින් මෙය වහා නවත්වන ලෙස ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සම්බන්ධ ප්‍රවෘත්තියක් සම්බන්ධ සිදුවීමකට මෙසේ මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුව හමුවට ගෙන ඒම අනුමත කළ නොහැකි බවත් නිදහස් නිවහල් ස්වාධින මාධ්‍යයක් වෙනුවෙන් සමගි ජන බලවේගය සෑම විටම පෙනී සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමහර මන්ත්‍රීවරු විපක්ෂයේ සිටින අවස්ථාවේ නිදහස් නිවහල් මාධ්‍යයක් වෙනුවෙන් බොරුවට පෙනී සිටියත් ආණ්ඩුවට පැමිණි පසු සිය ස්ථාවරය වෙනස් කළත් මේ අවස්ථාවේ අප සියලු දෙනාම නිදහස් නිවහල් මාධ්‍ය ආරක්ෂා කිරීමට එකතු විය යුතු බවත් ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments