Saturday, May 18, 2024
Homeදේශපාලනමිලේච්ජ හමුදා ප්‍රහාරය එල්ල  වුණේ අද ඉවත් වන බව දන්වා තිබියදීයි !

මිලේච්ජ හමුදා ප්‍රහාරය එල්ල  වුණේ අද ඉවත් වන බව දන්වා තිබියදීයි !

අරගලකරුවන් මෙම භූමියෙන් අද (සිකුරාදා) සවස 2.00 වනවිට ඉවත් වන වට නිවේදනය කර තිබියදී අද අලුයම් කාලයේ පැමිණි දැවැන්ත පොලිස් සහ යුධ හමුදා බල ඇණියක් අරගල භූමිය ආක්‍රමණය කර ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.
ගාලු මුවදොර විරෝධතා පරිශ්‍රයට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සන්නද්ධ හමුදා විසින් එල්ල කළ ප්‍රහාරයෙන් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් ඉන් කොටසක් රෝහල් ගත වී ඇති බවත් වාර්තා වේ.

අරගල භූමියේ සිටි අඳගොලු බිහිරි ප්‍රජාවට සහ ආබාධිත විශ්‍රාමික හමුදා සාමාජිකයන් පිරිසකටද ප්‍රහාර එල්ල වී ඇත.

මෙම අවස්ථාවේ මාධ්‍ය ආවරණයක යෙදීමට පැමිණි මාධ්‍යෙව්දීන් දෙදෙනකුටද අමානුෂික ලෙස හමුදා සාමාජිකයන් විසින් පහර දී ඇති අතර තුවාලකරුවන් 1990 ගිලන් රථවලින් රොහලට ගෙන යාමේදී යුධ හමුදාව සහ ගුවන් හමුදාව ඊ ඊට බාධා කළ බව සිදධිය ඇසින් දුටු විරෝධතාකරුවෝ ලංකාසරට පැවසූහ.

අද අලුයම 1.00ට පමණ ජනාධිපති ලෙකම් කාර්යාලය දෙසින් මෙම බල ඇණි අරගල භූමිය වෙත පිවිස ඇති අතර ඔවුන් මෙම ප්‍රදේශයේ තිබූ තාවකාලික ඉදිකිරිඹ් ඉවත් කරමින් අරගල භූමිය අත්පත් කරගෙන ඇත.

මෙම අවස්ථාවේදී විරෝධතාකරුවන් 09ක් දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් එයින් පුද්ගලයින් 02ක් ඇති වූ ගැටුම්වලින් ලැබු තුවාල හේතුවෙන් රෝහල් ගත කර ඇති බත් පොලිසිය සඳහන් කරයි.

මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති අතර ජනාධිපති ලේකම් කාර්යාලය අවට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර තවදුරටත් විරෝධතාකරුවන් කණ්ඩායමක් මෙම භූමියේ රැඳී සිටිති.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments