Sunday, May 5, 2024
Homeදේශීයරට රැකියා දෙන බව කියා මුදල් ගරන වංචනිකයින් ගැන දැනුම් දෙන්න

රට රැකියා දෙන බව කියා මුදල් ගරන වංචනිකයින් ගැන දැනුම් දෙන්න

විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් ලබා ගැනීම ඇතුළු නීතිවිරෝධි කටයුතුවල නිරතවීමේ චෝදනා මත පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාස 2 තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය කළ වැටලීම්වලදීයි.

ජනවාරි සහ පෙබරවාරි මාස තුළ ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි 173 ක් විභාග කර ඇත.

එහිදී පැමිණිලිකරුවන් වෙත අය කර දී ඇති දඩ මුදල, රුපියල් ලක්ෂ 126 කට අධිකයි.

විදේශ රැකියා ලබා ගැනීම සඳහා නීතිවිරෝධි ආයතනවලට සහ අතරමැදී තැරැව්කරුවන්ට මුදල් ලබා දීමෙන් වළකින්නැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවට දැනුම් දෙයි.

එවැනි පුද්ගලයින් පිළිබඳ පැමිණිලි, 0112 86 42 41 යන දුරකතන අංකයට දැනුම් දිය හැකියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments