Thursday, May 2, 2024
Homeදේශපාලනරනිල් හදිසියේ නීතිපති කැඳවීම අබිරහසක්

රනිල් හදිසියේ නීතිපති කැඳවීම අබිරහසක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සෙනසුරාදා සවස හදිසියේ නීතිපති කැඳවා උපදෙස් ලබාගෙන ඇති අතර ඒ කිනම් කරුණක් පිළිබඳවද යන්න බරපතළ සැකයක් මේ වනවිට වර්ධනය වී තිබේ.

ජනාධිපතිට සමීප ආරංචිමාර්ග සඳහන් කරන්නේ ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය තත්වය විමසා බැලීමට මෙම කැඳවීම කරන ලද බවය. එහෙත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ මීළඟ පොලිස්පති වශයෙන් දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට පවතින නීතිමය බාධාවල් පිළිබඳව උපදෙස් ලබාගත් බවය.

විශේෂයෙන්ම විදුලි ගාස්තු ඉළ දැමීමත් සමග නව වටයකින් ආණ්ඩුවට එල්ලවෙමින් තිබෙන ජනතා විරෝධය මර්දනය කිරීමට නම් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත් කළ යුතු බව ඇතැම් කැබිනට් ඇමතිවරු පෙන්වා දී ඇති බව වාර්තා වේ. එහෙත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මේ වනවිටද අධිකරණය හමුවේ නඩු කිහිපයක් පවතින අතර විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳව වැරදිකරුවකුද වී සිටී

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments