Friday, May 3, 2024
Homeදේශීයරෝහල් රැසක් වැසී යාමේ අවදානමක

රෝහල් රැසක් වැසී යාමේ අවදානමක

පවතින ඉන්ධන හිඟය රෝහල් පද්දතියට විශාල හානියක් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

ළමා රෝහලේ වෛද්‍යවරු වර්ජනයක?

මෙතෙක් කල් කිසිදු වර්ජනයකට සහභාගී නොවූ ළමා රෝහල ද වර්ජනයක් සඳහා සූදානමක පවතින බව එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මපවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ එම අදහස් පළ කළේය.

“දෙහිඅත්තකණ්ඩියේ වෛද්‍යවරයෙකුට පහරදීමක් සිදුවෙලා තිබුණා. ඒ වෛද්‍යවරයාගේ හිසට තුවාල වෙලා මේ වෙනවිට ප්‍රතිකාර ලබමින් ඉන්නවා. ඒ අනුව මේ මොහොත වෙනවිටත් දෙහිඅත්තකණ්ඩිය රෝහල ඇතුළු රෝහල්වල වැඩවර්ජන ක්‍රියාත්මක වෙනවා. ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඉන්ධන මාෆියාවට අමතරව සමහර ප්‍රශ්න ඇතිවෙච්ච තැන්වල අපි දැක්ක දෙයක් තමා පොලීසියේ සමහර ඉහළ නිලධාරින්ගේ හැසිරීම එක්ක තමා මේ ප්‍රශ්න මෙච්චර ඔඩුදිව්වේ. විශේෂයෙන් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ…. අපි හෙට දවස තුළ පොලිස්පතිවරයාට මේ ස්ථානාධිපතිවරුන් පිළිබඳ විදිමත් විදියට පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉල්ලා සිටිනවා මේ සමහර නිලධාරින් ගැන විදිමත් පරීක්ෂණයක් පවත්වා අදාළ පොලිස් නිලධාරීන් ගැන පියවරක් ගන්න කියලා.”

මේ අතර පොළොන්නරුව රෝහලේ මේ වනවිට වැඩවර්ජනයක් ක්‍රියාත්මක වී ඇති බවත් මැදිරිගිරිය රෝහල වැසී යෑමේ අනතුරකට ලක්ව ඇතැයි ද වෛද්‍යවරයා පැවසීය.

මේ අතර ඉන්ධන ලබාගැනීමට යාමේදී සේවකයෙකුට පහරදීමේ සිදුවීමක් මුල් කරගනිමින් කහවත්ත මූලික රෝහලේ කාර්යය මණ්ඩලය වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments