Friday, May 3, 2024
Homeදේශීයවරාය වෘත්තීය සමිති හෙට විරෝධතාවයක

වරාය වෘත්තීය සමිති හෙට විරෝධතාවයක

වරාය වෘත්තීය සමිති විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

ඒ දේශීය ණය ප්‍රශස්ත කිරීමේ වැඩසටහන යටතේ EPF සහ ETF මත ඇති කරන බලපෑම්වලට අදාළවයි. 

ඒ අනුව හෙට (6) දහවල් කොළඹ කොටුව ඛාන් ඔරලෝසු කණුව අසලදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා. 

දේශීය ණය ප්‍රශස්තකරණයේ මුවාවෙන් EPF සහ ETF හි අරමුදල් කොල්ලකෑමට රජය සූදානම් වන බවයි එම සංගමය පවසන්නේ. 

මෙම විරෝධතාවය ආරම්භයක් පමණක් බවත් තම ඉල්ලීම්වලට ඇහුම්කන් නොදුන්නොත් අපි මීළඟ පියවර ගන්නා බවත් සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments