Sunday, April 28, 2024
Homeදේශීයවසර 32ක දීර්ඝ නඩු විභාගයකින් පසු තිදෙනෙකුට මරණ දඬුවම

වසර 32ක දීර්ඝ නඩු විභාගයකින් පසු තිදෙනෙකුට මරණ දඬුවම

කළුතර මහාධිකරණය විසින් පුද්ගල ඝාතනයකට චෝදනා එල්ලවූ තිදෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.

අදාළ නඩු විභාගයේ තීන්දුව ලබාදෙමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා එම සිදුවීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකුට වසර 10 ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළේය.

මීගමවත්ත ජනපදය ප්‍රදේශයේ පදිංචිව පුද්ගලයෙකු 1992 වර්ෂයේදී නවුන්තුදුව ප්‍රදේශයේදී පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබුණි.

ඒ අනුව අදාළ නඩුවේ 3, 4 සහ 5වන විත්තිකරුවන්ට මෙලෙස අධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇත.

එම ඝාතන සිද්ධියේ පළමු විත්තිකරුට බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර ඇති අතර 2 වන සැකකරු මේ වනවිට මියගොස් ඇති බව අනාවරණය වී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments