Friday, May 10, 2024
Homeදේශපාලනවෛද්‍ය කාවින්ද ජයවර්දන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 

වෛද්‍ය කාවින්ද ජයවර්දන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 

පසුගිය 6වන දා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකල පැමිණිල්ලකට ප්‍රකාශ ලබාදීම වෙනුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්දන මහතා සහ තවත් විපක්ෂයේ මන්ත්‍රීවරයකු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

human immunoglobulin යන ඖෂධය මෙරටට ගෙන්වීමේදී බරපතල අපරාධ රැසක් සිදුකර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මන්ත්‍රී වරුන් පවසා ඇති අතර මෙම දුෂණ අක්‍රමිකතා වලට ඍජුවම සෞඛ්‍ය අමාත්‍යවරයා සම්බන්ධ වී ඇති බවත් ඔහු මේ වන විට  එළිපිට විත්තිකරුවකු විදියට ක්‍රියා කරන බවද එතුමන්ලා අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ කාවින්ද ජයවර්දන මහතා කියා සිටියේ මෙම ඖෂධ 7500ක් පමණක් ගෙනවීමට අවසර දී තිබුනද 22500ක් ගෙන්වා ඇති බවත් මේ මහා ඝාතනය සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යංශ ලේඛම් සහ NMR එක දැනුවත්වම සිදුකරන්නාක් බවයි.

මෙරට ඇතිවී තිබෙන සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුල දින දෙකක විවාදයක් සිදුකර දූෂිත සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආ මුත් ජනමතයක් නොමැතිව පාර්ලිමේන්තුව තුල අත්තනෝමතික ලෙස බලය පවත්වාගෙන සිටින වත්මන් ආණ්ඩුව විසින් එය පරාජයට පත්කළත් දිගින් දිගටම සිදුවන මෙම සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් මහා ජනයා දැනුවත් කරමින් ක්‍රියා කරන බවත් මෙහිදී අවධාරණය කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments