Tuesday, May 21, 2024
Homeදේශීය13 ඉක්මවූ බලය ‌බෙදීමකට ජනපති සූදානම්

13 ඉක්මවූ බලය ‌බෙදීමකට ජනපති සූදානම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සිදු කල විශේෂ ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුව නොමග යවා 13 ඉක්මවූ බලය ‌බෙදීමකට සූදානම් වන බවට පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි.

ඒ් මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

ජනපති පාර්ලිමේන්තුව නොමග යවයි

ජනාධිපතිතුමා ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුව රැවටීමේ නොමග යැවීමේ උත්සහයක නිරත වුණා. එතුමා කිව්වේ 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න ඉදිරියේ දී පනත් ගණනාවක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ව්‍යවස්ථාවේ නවවන උපලේඛනයේ අඩංගු සමගාමි ලැයිස්තුව අවලංගු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන්න අළුතෙන් පනත් ඕනෑ නෑ. ඒක වසර 36කට කලින් සම්මත වෙලා ඉවරයි. එහෙම නම් මේ හදන්නේ 13 ඉක්මවා බලය බෙදීමක් කරන්න. 13 තිබෙන සමගාමි ලැයිස්තුව අහෝසි කිරීමත් 13 ඉක්මවා බලය බෙදීමක් මිස 13 ක්‍රියාත්මක කිරීමක් නොවේ. පොහොට්ටුවේ උදවියත් මහින්ද මහත්තයත් 13 ඉක්මවා බලය බෙදන බව කිව්වා කියමින් ඒකට උඩ ගෙඩි දෙනවා.

ජනපති මහින්දට 13 ඉක්මවා බලය බෙදන්න ජනවරමක් ලැබුණේ නෑ

මතක තියා ගන්න මහින්ද මහත්තයා 13 ඉක්මවා බලය බෙදනවා කියා කිසිම මැතිවරණ ප්‍රකාශනයක සඳහන් කරලා ජනවරමක් අරගෙන නෑ. 2012 ජනවාරි 17දා තමන්ට එහෙම පොරොන්දුවක් දුන්නා කියලා ඉන්දියාවේ විදේශ ඇමති එස් එම් ක්‍රිෂ්ණන් ඉන්දියාවේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා. නමුත් ජනවාරි 30 දා මාධ්‍ය ප්‍රධානින් සමග කරපු සාකච්ඡාවේ දී තමන් එහෙම පොරොන්දු වුණේ නෑ කියා මහින්ද ජනාධිපතිතුමා කිව්වා. තමන් පොරොන්දුවක් නොදුන්නත් සාකච්ඡාවක් කළා. 13 ඉක්මවා බලය බෙදීමක් ලෙස අදහස් කලේ දෙවන මන්ත්‍රණ සභාවක් පිහිටුවීම පමණයි කියා සඳහන් කළා. ඒ වගේම ඒ ප්‍රකාශයෙන් පස්සේ පැවැති ජනපතිවරණයේ දී මහින්ද මහත්තයාව ජනතාව ප්‍රතික්ෂේප කළ බවත් අමතක කරන්න එපා.

ව්‍යවස්ථාවේ තිබෙන නිසා ක්‍රියාත්මක කිරීම වලංගු තර්කයක් නොවේ

ව්‍යවස්ථාවේ තිබෙන නිසා 13 ක්‍රියාත්මක කළ යුතු යැයි ජනාධිපතිතුමා පවසනවා. ඕක අවුරුදු 36ක් පුරා ව්‍යවස්ථාවේ තිබෙන බව හිටපු ජනාධිපතිවරු හත්දෙනාම දැක්කා. නමුත් ක්‍රියාත්මක කරන්න නොගියේ ඒක දැනට ක්‍රියාත්මක කරලා තිබෙන මට්ටමට ඔබ්බෙන් ක්‍රියාත්මක කලොත් මහ ව්‍යසනයක් වන බව දන්නා නිසා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කලින් හිටපු ජනපතිවරුන් හත්දෙනාගෙන් හයදෙනෙකුගේම ඇමති මණ්ඩලවල හිටියා. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ කැබිනට් ඇමති. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සභානායක. විජේතුංග, චන්ද්‍රිකා, මෛත්‍රිපාල සහ ගෝඨාභය යන ජනාධිපතිවරුන්ගේ අගමැති. මහින්ද ජනාධිපතිතුමාගේ විතරයි ඇමති මණ්ඩලයේ හිටියේ නැත්තේ. මේ කාල වල දී 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරලා නෑ කියලා දැක්කේ නැද්ද? හදිසියේ මේක දැක්කේ ජනපතිවරණය සිහිපත් වෙලා ද කියන සාධාරණ ප්‍රශ්නය අපි මතු කරනවා.

https://googleads.g.doubleclick.net/pagead/ads?client=ca-pub-3163697735980928&output=html&h=300&adk=262829482&adf=1312246776&pi=t.aa~a.2992362358~i.23~rp.4&daaos=1691678123889&w=360&lmt=1691750214&num_ads=1&rafmt=1&armr=3&sem=mc&pwprc=4363821718&ad_type=text_image&format=360×300&url=https%3A%2F%2Flankacnews.com%2F13-%25e0%25b6%2589%25e0%25b6%259a%25e0%25b7%258a%25e0%25b6%25b8%25e0%25b7%2580%25e0%25b7%2596-%25e0%25b6%25b6%25e0%25b6%25bd%25e0%25b6%25ba-%25e0%25b6%25b6%25e0%25b7%2599%25e0%25b6%25af%25e0%25b7%2593%25e0%25b6%25b8%25e0%25b6%259a%25e0%25b6%25a7-%25e0%25b6%25a2%25e0%25b6%25b1%25e0%25b6%25b4%25e0%25b6%25ad%2F&fwr=1&pra=3&rh=275&rw=329&rpe=1&resp_fmts=3&sfro=1&wgl=1&fa=27&uach=WyJBbmRyb2lkIiwiMTEuMC4wIiwiIiwiU00tQTIyNUYiLCIxMTUuMC41NzkwLjEzOSIsW10sMSxudWxsLCIiLFtbIk5vdC9BKUJyYW5kIiwiOTkuMC4wLjAiXSxbIkdvb2dsZSBDaHJvbWUiLCIxMTUuMC41NzkwLjEzOSJdLFsiQ2hyb21pdW0iLCIxMTUuMC41NzkwLjEzOSJdXSwwXQ..&dt=1691750214063&bpp=6&bdt=1463&idt=-M&shv=r20230808&mjsv=m202308030102&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3D73d2577c71afb641-220cfa59cfde0027%3AT%3D1678978500%3ART%3D1691750161%3AS%3DALNI_MaIVtG_2Zyo5GFqJBo7OS16ehSzYg&gpic=UID%3D00000bda22d3131d%3AT%3D1678978500%3ART%3D1691750161%3AS%3DALNI_MaYZCTZ5tMU5TniKKyCvM8L8X_gVg&prev_fmts=0x0%2C360x300%2C360x300%2C360x300%2C360x300&nras=5&correlator=7176789499193&frm=20&pv=1&ga_vid=1392156434.1657105508&ga_sid=1691750160&ga_hid=1852336321&ga_fc=1&u_tz=330&u_his=20&u_h=800&u_w=360&u_ah=800&u_aw=360&u_cd=24&u_sd=2&dmc=4&adx=0&ady=4558&biw=360&bih=667&scr_x=0&scr_y=267&eid=31076468%2C44759842%2C44759876%2C44759927%2C31076806%2C31076924%2C44799570&oid=2&pvsid=1309357137249253&tmod=1033237403&uas=0&nvt=1&ref=https%3A%2F%2Flankacnews.com%2F&fc=1408&brdim=0%2C0%2C0%2C0%2C360%2C0%2C360%2C667%2C360%2C667&vis=1&rsz=%7C%7Cs%7C&abl=NS&fu=128&bc=31&ifi=6&uci=a!6&btvi=4&fsb=1&xpc=ePeAOrOXjP&p=https%3A//lankacnews.com&dtd=162

පාර්ලිමේන්තුවෙන් මෙතුමා ජනාධිපති කලේ ලක්ෂ 69 ජනවරමක් ලැබුණු ගෝඨාභය ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්ම කරනන මිස ජනතාව සිව් වරක්ම ප්‍රතික්ෂේප කළ රනිල් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන්න නොවේ. සෞභාග්‍ය දැක්මේ තිබෙන්නේ රටට නොගැලපෙන වත්මන් ව්‍යවස්ථාව අහෝසි කරලා නව ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කරනවා කියලා. අන්න ඒකට රොමේෂ් ද සිල්වා කමිටුව විසින් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරලා තිබෙනවා. ඒක පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගන්න කටයුතු කරන්න කියා අපි එතුමාගෙන් ඉල්ලනවා. එහෙම නැතිව ඇති ප්‍රශ්න නැති කරන්න ගිහිල්ලා නැති ප්‍රශ්න ඇති කරන්න එපා කියා අපි ඉල්ලනවා.

සමගාමි ලැයිස්තුවක් ඉන්දියාවේත් තිබෙනවා

ජනපති යෝජනා කරන අයුරින් සමගාමි ලැයිස්තුව අහෝසි කලොත් උතුරු සහ නැගෙනහිර සුළු ජාතියක් බවට පත් වී සිටින අහිසංක සිංහල ජනතාව වෙනුවෙන් මැදිහත්වීමට මධ්‍යම ආණ්ඩුවට තිබෙන අවස්ථාව සදහටම අහෝසි වෙනවා. මේක ඉන්දියානු බලපෑමට කරන්නේ කියන්න ජනපති රඟපෑමක් කරනවා. නමුත් ඉන්දියාවේ ව්‍යවස්ථාවේත් සමගාමි ලැයිස්තුවක් තිබෙනවා. ඒක අහෝසි කරලා නෑනෙ. ඒ වගේම පකිස්තානය සහ දකුණු අප්‍රිකාවේත් ව්‍යවස්ථා තුල සමගාමි ලැයිස්තු තිබෙනවා. මේක ගැඹුරින් කල්පනා කරලා ව්‍යවස්ථාවට එකතු කරපු දෙයක් මිස වැරදිලා ආපු එකක් නොවේ. එකම වැඩේ පලාත් සභාවෙන් සහ මධ්‍යම ආණ්ඩුවෙන් යන දෙකෙන්ම කරලා සම්පත් නාස්තියක් වෙනවා කියලා ජනාධිපතිතුමා චෝදනා කරනවා. එහෙම වෙන්නේ නිසි සම්බන්ධිකරණයක් නොවන නිසා. ඒ නිසා තමයි ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව කරන වැඩ සම්බන්ධිකරණය කරන්න දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු පිහිටුවා තිබෙන්නේ. ඒවා හරියට ක්‍රියාත්මක කරනවා නම් එකම වැඩේ තැන් දෙකකින් වෙන්නේ නෑ.

ජනපතිගේ නිදසුන් වැරදියි

බලය බෙදීමට නිදසුන් ලෙස ජනපති ඉදිරිපත් කලේ චීනය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ ජපානය. මේ සියල්ලම ලංකාව තරම් වත් බලය බෙදා නැති ඒකීය රාජ්‍යයන්. එක්සත් රාජධානිය වගේම නෙදර්ලන්තය හැදිලා තිබෙන්නේ රටවල් ගණනාවක් බලහත්කාරයෙන් ඈඳලා තනි රාජ්‍යයක් සෑදීමෙන්. නමුත් ලංකාවේ එවැනි තත්වය නෑ. ජනපතිගේ උදාහරණ වලින් පේන්නේ බලය බෙදීම ගැන නිසි අධ්‍යනයක් නොකර දෙමළ ජාතික සංධානයේ ලියලා දුන්නු කතාවක් පාර්ලිමේන්තුවේ දී කරපු බවයි.

ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්න

රනිල් වික්‍රමසිංහ මහතා මෙතරම් බලය බෙදීම ගැන උනන්දු වන්නේ ඇයි ?

පිළිතුර

පලමු කාරනය වික්‍රමසිංහ මහතාට බලය බෙදීම පිළිබඳව බරපතළ ඇබ්බැහි වීමක් තියෙනවා. දියවැඩියාවෙන් පෙලෙන ඇතැම් වෛද්‍යවරුන් පවා නුසුදුසු බව දනිමින් සීනි සහිත ආහාර ගන්නවා. සිරෝසිස් වැඩි වෙලා රෝහලේ නතර කර සිටින අතර තුර තම යහළුවන්ට කියලා තැඹිලි ගෙඩියට අරක්කු දමා ගෙනවිල්ලා බොන ඇතැම් පුද්ගලයන් ඉන්නවා. කුඩු බොන පුද්ගයාට ඒහි ආදීනව කෙතෙක් පැවසුවත් ඉන් වලකින්න බෑ. මේ ඇබ්බැහිවීම නිසා සිදුවන දේවල්. රනිල් වික්‍රමසිංහ මහතාට 2001වගේම 2015 බලයට ඇවිල්ලා බලය නැතුව ගියේ බලය බෙදන්න ගිහිල්ලා. වෙච්ච දේවලුත් හොඳටම දනිමින් නැවතත් ඒකම කරන්න හදන්නේ ඔහු මේකට ඇබ්බැහි වීමක් තියෙනවා. ඒය ‌ ‌බෙහෙත් කල යුතු මානසික රෝගී තත්ත්වයක් විදිහටයි මම දකින්නේ.

දෙවැන්න රටේ ලොකු ආර්ථික අර්බුදයක් තියන කාලයේ ඔබතුමාලා වගේ මාධ්‍ය ආයතන සහ ජනතාවගේ අවධානය වෙන පැත්තකට යොමු කරන්න බලය බෙදීම පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. මොකද බලය බෙදීම තරම් ජාතිය දෙකට බෙදිලා තියුණු ලෙස වාද විවාද කරන මාතෘකාවක් තවත් නැහැ.

තුන්වන කාරණය කොහොමත් එතුමා තමන් සමග ඉන්නවා කියලා විශ්වාස කරන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සතුටු කිරීම සඳහා මේ යෝජනාවලිය ගේනවා වෙන්න පුළුවන්. දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් ගෙන් යම් පිරිසක් දැනටමත් එතුමා සමග තමයි කටයුතු කරන්නේ.

මේ කාරණා තුනම හෝ එකක් හෝ දෙකක් වික්‍රමසිංහ මහතා බලය බෙදීමට මෙතරම් දැඩිව උනන්දු වීමට හේතු වෙන්න පුළුවන්.

ප්‍රශ්නය

ඔබතුමන්ලා අකමැති පළාත් සභාවට ද ? පළාත් සභා වලට ඉඩම් පොලිස් බලතල ලබාදෙනවටද?

පිළිතුර

පළාත් සභා රටට අවශ්‍ය නැහැ. මෙය ද්වීපාර්ශික ගිවිසුමක් හරහා ඇති වෙච්ච දෙයක් නිසා මේ වෙලාවේ පළාත් සභා අහෝසි කරනවා කියන එක යථාර්ථයක් නොවේ. නමුත් මේ පළාත් සභා කියන විෂඝෝර සර්පයාගේ දළ කඩලයි තියන් හිටියෙ. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා කියලා ලිඛිතවම පොරොන්දු වෙලා තියෙනවා. ඇයි එතුමා මෙතැනට පමණක් බලය බෙදලා කොමාවක් දමලා එම බලය බෙදීම නවතා දැම්මෙ. එතනින් එහාට ගියොත් ව්‍යසනයක් වෙනවා කියලා දන්න නිසා. මේ ඇවිල්ල තියෙන්නෙ අවසන් ඉමට. එතැනින් ඒහාට ගියොත් විනාශයක් වෙනවා කියලා ජනාදිපතිවරුන් හත් දෙනෙක්ම දැක්කා. බලකාමයෙන් අන්ධ වූ වත්මන් ජනාධිපතිවරයාට ජේ ආර් ජයවර්ධන වැනි කෘතහස්ත ජනාධිපතිවරයෙකු දැක්ක දේ නොපෙනීම රටේ අභාග්‍යයට හේතුවයි.

ප්‍රශ්නය

අන්තිමට ජාතිවාදී ලේබලය නේද ඔබතුමන්ලාට වදින්නේ ?

පිළිතුර

මගේ රට රැක ගැනීම මගේ යුතුකමක්. ත්‍රස්තවාදය යුද්ධයෙන් ඉවර කළ යුතු බව අපි එදා කියද්දී අපට ජාතිවාදීන් කිව්වා. යුධ වාදීන් කිව්වා. ලේ පිපාසිත පිසාචයන් කිව්වා. ඒ්ක දරාගන්න බැරුව අපි ත්‍රස්තවාදය යුද්ධයෙන් අවසන් කළ හැකි කියන මතය හකුළා ගත්තා නම් අදත් මේ රටේ දසදහස් ගණනක් මිය යනවා. දස දහස් ගණනක් අංගවිකලයන් වෙනවා. අපි ඒ් තත්වයෙන් රට මුදා ගත්තේ ජාතිවාදියා කියන අපහාස විඳලා. රට රැක ගැනීම වෙනුවෙන් ඒ අපහාස යලි විඳින්න වෙනවා නම් ඉතාම ආසාවෙන් ඒය විදින්න සූදානම්.

පිවිතුරු හෙළ උරුමය සංස්කෘතික කටයුතු ලේකම් ශිරන්ත ජයලත් මහතා ද මෙහිදී අදහස් දැක් වූ අතර උතුරු කොළඹ ආසන සංවිධායක මංජුල නිශ්ෂංක මහාතාද මෙම අවස්ථාවට සහභාගී විය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments