Sunday, April 28, 2024
Homeදේශපාලන2030 දී සියලු ම පාසල් සිසුන්ට නොමිලේ පාසල් දිවා ආහාරය

2030 දී සියලු ම පාසල් සිසුන්ට නොමිලේ පාසල් දිවා ආහාරය

2023 වසරටත් වඩා ප්‍රතිපාදන යොදමින් ඉදිරියේ දී පාසල් නිල ඇඳුම්, දිවා ආහාර වැනි දීමනා ක්‍රමානුකූල ව වැඩි කර 2030 වසර වන විට සියලු ම පාසල් සිසුන්ට පාසල් දිවා ආහාරය නොමිලේ ලබා දීමට ක්‍රියා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඊට ප්‍රතිපාදන සලසා ගැනීමට අදාළ සාකච්ඡා ප්‍රංශ රජය ඇතුළු අදාළ පාර්ශව සමග මේ වන විට සිදු කරමින් පවතින බව අමාත්‍යවරයා පැවසී ය.
මුලතිව් මල්ලාවි මධ්‍ය විද්‍යාලයේ පැවති කෘෂිකාර්මික ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් එක් වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළ අතර සියල්ල මධ්‍යයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාළ නොවී පවත්වාගෙන යාමට අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළේය.
තිරසාර අධ්‍යාපන වැඩපිළිවෙළ ඉදිරියට පවත්වාගෙන යාමට සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බවත් ලෝකය ම මුහුණ පා සිටින යුද ගැටුම්, දේශගුණ විපර්යාස, වසංගත වැනි ව්‍යසන හමුවේ මේ අධ්‍යාපනික අභියෝග ජයගත යුතු ව පවතින බවත් සඳහන් කළේ ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments