Saturday, May 4, 2024
HomeදේශීයIMF සල්ලිවලින් ලංකාවට කළ හැකි දේ ?

IMF සල්ලිවලින් ලංකාවට කළ හැකි දේ ?

IMF මූල්‍ය පහසුකම හරහා ශ්‍රී ලංකාවට දොරටු රැසක් විවෘත වෙනු ඇති බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම ලැබෙන ආකාරය පිළිබඳව අද දෙරණ ‘බිග් ෆෝකස්’ වැඩසටහනේදී අදහස් දක්වසින් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.

“ඊළඟ තීරණය තමයි IMF අරමුදල නිවේදනයක් නිකුත් කරයි.. අපි ශ්‍රී ලංකාවත් සමග මේ ගිවිසුමත් සමග එකඟවෙනවා කියලා. ඊට පස්සේ පළවෙනි වාරිකය නිදහස් කරයි.”

“මම හිතන්නේ අපිට පළමු අදියරේදී IMF එකෙන් ඩොලර් මිලියන 300 – 350ක් වගේ ලැබෙයි.”

“IMF එකේ මුදල් වෙන කොහෙටවත් යන්න බැහැ. යන්නේ කෙලින්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචිතවලට. එකතොට ඔවුන්ගේ සංචිත වැඩි වුණාම අපේ ණය වාර්ගීකරණය වැඩිවෙනවා. එතනින් අපිට තවත් දොරවල් අරින්න පුළුවන්… සල්ලි තියෙන ගොඩක් රාක්කවල. ඒවා ණයට තමයි ලැබෙන්නේ. නමුත් දැන් තියෙන තත්ත්වය උඩ ණයටවත් ගන්න බැහැ.”

“ජනතාවටත් යම්කිසි සහනයක් ලැබෙයි. පුරෝකථනයක් දෙන්න අමාරුයි.. සාමාන්‍යයෙන් ලෙරයේ මිල රුපියල් 300 ආසන්නයට එයි.”

මේ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා චීනයේ සහතිකයට අදාළ එකඟතා ලියවිල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමුකරනු ලැබු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට අනාවරණ කර තිබුණි. 

බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය ද වාර්තා කර තිබුණේ චීනයේ සහතිකය ලැබීමත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන විස්තීරණ ණය මුදල ලබාගැනීමට තිබූ ප්‍රධාන බාධකය ඉවත්වන බවය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments