Saturday, May 4, 2024
HomeදේශීයQR කෝටාව ගැන තීරණයක් ගනී

QR කෝටාව ගැන තීරණයක් ගනී

අද සිට ක්‍රියාත්මක වන පරිදි සෑම සතියකම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ QR කෝටාව යාවත්කාලීන කෙරෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

මීට පෙර QR කෝටාව යාවත්කාලීන කෙරුණේ සෑම සතියකම ඉරිදා මධ්‍යම රාත්‍රියේදීය.

එමගින් ඇතිවන බෙදාහැරීමේ පිරිවැය අවම කරගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇත.

මේ අතර අදාළ ට්විටර් පණිවුඩයෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ QR කෝටාව හරහා සතිකට ලැබෙන ඉන්ධන ප්‍රමාණයේ වෙනසක් සිදුනොවන බවය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments