Sunday, April 28, 2024
Homeවිදේශීයඊශ්‍රායලය අමෙරිකාවෙන් ඩොලර් බිලියන 10ක යුද ආධාරයක් අපේක්ෂා කරයි

ඊශ්‍රායලය අමෙරිකාවෙන් ඩොලර් බිලියන 10ක යුද ආධාරයක් අපේක්ෂා කරයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් අරාබි නායකයන් හමු වීම සඳහා කැඳවා තිබුණු රැස්වීම අවලංගු වී ඇති බව වාර්තා වේ.

ගාසා තීරයේ රෝහලකට ඊයේ (17) රොකට් ප්‍රහාරයක් එල්ල වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා අද ඊශ්‍රායලයට පැමිණි අතර, එහි දී ඔහු සිය සහයෝගීතාව ඊශ්‍රායලයට ප්‍රකාශ කිරීමට නියමිත බව සඳහන්ය.

එසේම ජෝ බයිඩන්, ඊශ්‍රායල නායකයා සමඟ යුද සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව ද වාර්තා වේ.

ජනාධිපති ජෝ බයිඩන්, ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ සිය කනගාටුව ප්‍රකාශ කර ඇති බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් ජාත්‍යන්තරයේ ඇති වී තිබෙන කැලඹීම සහ අප්‍රසාදය මධ්‍යයේ ජෝ බයිඩන් ගේ ජෝර්දාන සංචාරය මේ වන විට අවලංගු වී ඇත.

ඊශ්‍රායල සංචාරය අතරතුර දී අමෙරිකානු නායකයා, තාවකාලික ව පිහිටුවා ඇති ඊශ්‍රායල යුද කැබිනට්ටුව සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ද අමෙරිකානු ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි සඳහන් කර තිබේ.

මේ අතර, ඊශ්‍රායලය විසින් හදිසි යුද ආධාර ලෙස අමෙරිකාවෙන්, අමෙරිකානු ඩොලර් බිලියන 10ක මුදලක් ඉල්ලා ඇති බව ද බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments