Wednesday, May 8, 2024
Homeසියලුම පුවත්ගෝඨාට නොදෙවෙනි ජනපති රනිල් පාස්කු කොමිෂන් වාර්තාවෙන් හෙළි වූ රහසිගත සත්‍ය විපක්ෂ...

ගෝඨාට නොදෙවෙනි ජනපති රනිල් පාස්කු කොමිෂන් වාර්තාවෙන් හෙළි වූ රහසිගත සත්‍ය විපක්ෂ නායකවරයාටත් සඟවයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් චෝදනාවක්

මේ වන විට රටට අවශ්‍ය ප්‍රීති ඝෝෂා ජන ඝෝෂා නොවන බවත් මේ වන විට රටට අවශ්‍ය පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්, ඒ තුළ ගැබ්ව ඇති දේශපාලන අරමුණු, මහ මොළකරුවන්, එය උපයෝගී කර ගෙන දේශපාලනය කළ පක්ෂ ආදිය සම්බන්ධ සත්‍ය බවත් ඒ උදෙසාම ලබන සතියේ දින 2ක විවාදයක් තමා යෝජනා කරමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කල ජනාධිපති කොමිසමේ වාර්තාව රජයෙන් ඉල්ලූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අනුගමනය කළ ආකාරයටම එහි රහස් සැගවී ඇති දෙවැනි හා තෙවැනි වෙළුම වත්මන් ජනාධිපතිවරයා විසින් විපක්ෂ නායකවරයාට පවා ලබා ගත නොහැකි ලෙස සඟවා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (14) සක්වල පාසල් බස් රථ ලබා දීමේ වැඩසටහනේ 77 වැනි අදියර යටතේ කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

රහසිගත හා සංවේදී කරුනු කියා වත්මන් ජනාධිපතිවරයා ද සත්‍ය වසන් කරමින් ජනතාවට තියා විපක්ෂ නායකවරයාටවත් එය කියැවීමට නොහැකි ලෙස සඟවා ඇති බවත් මෙසේ සැඟවීමෙන් ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට අසාධාරණයක් සිදු වන බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාදිපතිවරයා කටයුතු කල ආකාරයටම වත්මන් ජනාධිපතිවරයා ද කටයුතු කරමින් සත්‍ය සඟවමින් සිටින බවත් විපක්ස නායකවරයා මෙහි දී පැවසීය.

මේ හේතුවෙන් තමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වී ඇති බවත් මෙම සත්‍ය දැන ගන්නේ චරිත ඝාතනය කිරීමට නොව ජනතාවට හෙළිකිරීමට බවත් මඩ දේශපාලන සංස්කෘතිය තමා කිසිදු අවස්ථාවක අනුමත නොකරන බවත් මෙසේ සත්‍ය දිගින් දිගටම වසන් වුවහොත් ආගම් ජාති අතර අසමගිය ඇති විය හැකි බැවින් එය හෙලිදරව් කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මේ වන විට රටේ ක්‍රියාත්මක වන්නේ සත්‍ය සඟවන රජයක් බැවින් සමගි ජන බලවේග රජයක් යටතේ තරාතිරම නොබලා මඩ දේශපාලන ක්‍රියාත්මක නොකර පාස්කු ප්‍රහාරයට මුල් වූ සතය කාරණා සියල්ල ජනතාවට හෙළි කරන බවයි.

මේ දිනවල බොහෝ පිරිසකට නීච නින්දිත පාස්කු ප්‍රහාරය මතක් වි ඇති බවත් මේ සම්බන්ධ දේශීය මෙන්ම විදේශීයව විවිධ අදහස් ඉදිරිපත් වී ඇති බවත් මේ සම්බන්ධයෙන් රටක් ලෙස සත්‍ය දැන ගත යුතු බවත් ඒ සදහා විනිවිදභාවයෙන් යුක්ත අපක්ෂපාති ස්වාධින පරීක්ෂණයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

2019 ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ විසින් දුන් වැදගත් පොරොන්දුවක් වූයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා හෙළිදරව් කර නීතිය හමුවට ගෙන ඒම බවත් ඒ නිසි ලොකු වරමක් ඔහුට ලැබුණ නමුත් ඔහු බලයට ආ දිනයේ සිට සැම මොහොතකම කටයුතු කළේ පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කරනවා වෙනුවට යටපත් කිරීම බවත් ඒ තුළින් රටේ ජාති භේදය අසමගිය නිර්මාණය වන ලෙස ඔහු කටයුතු කල බවත් කොවිඩ් සමයේ ආදාහනය හා භූමදානය ගැටලුවේදී පවා ඔහු කටයුතු කළේ රටේ ජාතීන් බෙදීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම අපේ රටේ දේශපාලනයේ කොට්ඨාස 3ක් සිටින බවත් එහි එක් කොට්ඨාසයක් බොරු කියා බලය ලබා ගෙන රටේ හා ජනතාවගේ මුදල් හොරා කන අතර අල්ලස දූෂණය වංචාව හොරකම ක්‍රියාත්මක කර පුරවැසියන් සුඛිත මුදිත කරවීම නොව තමන් කෝටි ප්‍රකෝටිපතියෝ බවට පත් වී පවුල් දේශපාලනය තුළ රට සින්නක්කරව තමන්ට ලියා ගැනීමට උත්සාහ කරන බවත් තවත් පිරිසකට කිසිදු ප්‍රශ්නයකට විසදුම් නොමැති බවත් ඔවුන් ප්‍රශ්න ආරවුල් ඝට්ටන ඇති කර සමාජය බෙදීමට ලක් කර ඒ තුළින් රාජ්‍ය බලය ලබා ගැනීමට උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මේ කණ්ඩායම් දෙකට අමතරව සිටිනා 3 වැනි කණ්ඩායම නියෝජනය කරන සමගි ජන බලවේගය ජාතික අවශ්‍යතා මත ජාතික න්‍යාය පත්‍රයක් සකස් කර රාජ්‍ය බලය ඇතුව හෝ නැතිව දක්ෂතාව හා කුසලතාව මත රටට වැඩක් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තව ද 75 වසරක දේශපාලන ඉතිහාසය තුළ කිසිදු විරුද්ධ පක්ෂයක් නොකළ සේවාවක් සමගි ජන බලවේගය පසුගිය වසර 3 සිදු කළ බවත් ඒ යටතේ රජයේ රෝහල් 56කට ලක්ෂ 1719ක් වටිනා රෝහල් උපකරන ලබා දීම, පාසල් 77කට රුපියල් මිලියන 374ක් වටිනා බස් රථ ලබා දීම හා සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 33කට ලක්ස 290ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරන ලබා දුන් බවත් මෙවැනි සේවාවක් ඉටු කල වෙනත් විපක්ෂයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන් ම අඩුපාඩු සහ ගැටලු ඇති තැන්වල විවේචනය කරනවා සේම එම ප්‍රශ්නවලට යම් ප්‍රමාණයකින් හෝ විසදුම් ලබා දීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් වෙනත් පක්ෂ මෙන් තමන්ට ලැබුනු ආධාර උපකරන දූපත්වල, ගජමිතුරු සමාගම්වල ආයෝජනය නොකල බවත් මෙතෙක් කල් එම මුදල් ආයෝජනය කළේ සමාජ වගකීම සමාජ යුතුකම ජාතික වගකීම පෙරදැරි කර ගෙන ජනතාව වෙනුවෙන් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

රටේ හොරකම් වංචා දූෂණවලින් තොරව හරියට වැඩක් කරනවා නම් විදේශ ගත ශ්‍රී ලාංකිකයන් මෙන්ම ධානපතියන් සිටින බවත් විපක්ෂය මේ ක්‍රියාත්මක කරන සක්වල හා හුස්ම වැඩසටහන් සදහා මුදල් පරිත්‍යාග කරන්නේ එම පිරිස බවත් මේ වැඩසටහන් මනා විනිවිධභාවයෙන් යුතුව සිදුවන නිසා ඔවුන් සමගි ජන බලවේගය විශ්වාස කරන බවත් අනාගතයේ ඩොලර් ගැටලුව වුව මේ ක්‍රමය යටතේ සමගි ජන බලවේගයට විසදිය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments