Sunday, May 19, 2024
Homeදේශීයතෙල් නැව අදත් නැහැ - සපුගස්කන්ද වසා දමයි

තෙල් නැව අදත් නැහැ – සපුගස්කන්ද වසා දමයි

බොරතෙල් නොමැතිවීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (24) පස්වරුවේ සිට වසා දැමීම ආරම්භ කරන බව එම පිරිපහදුවේ නිලධාරියෙක් පැවසීය.

තෙල් පිරිපහදුව එකවර වසා දැමිය නොහැකි බව කී එම නිලධාරියා පැවසුවේ එය ක්‍රමානුකූලව කාලය ලබාගෙන කරන ක්‍රියාවලියක් බවයි.

තෙල් පිරිපහදුව නැවත ආරම්භ කරන දිනකදී නැවත පණගැන්වීම තිබූ බොරතෙල්වලින් කළ යුතු බවත් ඉදිරි ක්‍රියාවලිය පවත්වාගෙන යෑමට බොරතෙල් නොමැත්වීමෙන් වසා දැමීමට සිදුවන බවත් එම නිලධාරියා කීය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව බොරතෙල් නොමැතිවීමෙන් මාස හතක පමණ කාලයක් තුළ වසා දමන සිවුවැනි අවස්ථාව මෙය වේ.

මේ අතර ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000 ක රැගත් නෞකාව අද (24) පස්වරුව දක්වා ශ්‍රී ලංකාවට ළගා නොවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එම නෞකාව පිළිබඳව කළ විමසුමකදී බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසුවේ ‘නැව තවම ආවේ නෑ’ ලෙසය.

එම නෞකාව ශ්‍රී ලංකාවට ඊයේ පෙරවරුවේ ළගාවන්නේ යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (23) පෙරවරුවේ පැවසූ අතර එම නෞකාව පෙරේදා පෙරවරුවේ පැමිණෙන බව අමාත්‍ය විජේසේකර මහතා මීට පෙර පවසා තිබුණි. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments