Saturday, May 18, 2024
Homeදේශපාලනපක්ෂ නායකයන් එක්ව ගෝඨාව ගෙදර යැවීමට තීන්දු කරයි

පක්ෂ නායකයන් එක්ව ගෝඨාව ගෙදර යැවීමට තීන්දු කරයි

ගෝඨාභය රාජපක්ෂ වහාම විධායක ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු බවට පක්ෂ නායකයන් තීන්දු කර තිබෙනවා.

ඒ, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂ නායක හමුවේදී.

පක්ෂ නායකයන්ගේ තීන්දුවට තමන් එකඟ වන බවයි ගෝඨාභය මීට පෙර නිවේදනය කර තිබුණේ තමන් ඉල්ලා අස්වීමට සුදානම් බව තීරණය කිරීමෙන් පසුවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ සුමන්තිරන් ඇතුළු තවත් නායකයින් කිහිප දෙනෙක් Zoom යෙදවුම හරහා අදාළ පක්ෂ රැස්වීමට සහභාගී වුණා.

අදාළ රැස්වීමේදී ජනපතිට සහ අගමැතිට ඉල්ලා අස්වන ලෙස දැනුම් දීමට තීරණයක් ගෙන තිබෙන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කථානායකවරයා තාවකාලික ජනාධිපති ධූරයේ වැඩ භාරගැනීමට නියමිත බවත්. සර්ව පාක්ෂික ආණ්ඩුවකට පක්ෂ නායකයන් වහා එකඟ විය යුතු බවත්පා පාර්ර්ලිලිමේන්මේතු මන්න්තුත්‍රී රවුෆ් හකීම් Twitter පණිවිඩයක් ඔස්සේ දන්වා තිබෙනවා.

අදාළ පණිවිඩය පහතින්,

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments