Saturday, May 18, 2024
Homeදේශපාලනමහින්ද සහ බැසිල්ගෙන් හෙට දිනය දක්වා ප්‍රතිඥාවක් !

මහින්ද සහ බැසිල්ගෙන් හෙට දිනය දක්වා ප්‍රතිඥාවක් !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් එස් ආර් ආටිගල යන අය හෙට දින දක්වා විදේශගතවීමක් නොකරන බවට සිය නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබේ.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින මෙම පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එම ප්‍රතිඥාව ලබාදී ඇත.

මේ අතර මෙම පෙත්සමේ තවත් වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින හිටපු මහ බැංකු අධිපති ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා වෙනුවෙන් නීතිඥවරයකු පෙනී නොසිටීම හේතුවෙන් ඒ මහතාට හෙට දින දක්වා විදේශගතවීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් ද නිකුත් කරනු ලැබීය.

මෙම පෙත්සමට අදාළ මෝසම අද අග විනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.
වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන්නැයි නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments