Wednesday, May 1, 2024
Homeදේශීයමිහින්තලේ රු. ලක්ෂ 41 විදුලි බිල සජිත් ගෙවයි

මිහින්තලේ රු. ලක්ෂ 41 විදුලි බිල සජිත් ගෙවයි

මිහින්තලේ රජ මහා විහාරස්ථානයේ රු. ලක්ෂ 41ක් ව්‍ය විදුලි බිල සමගි ජන බලවේගයේ සාමාජිකයන්ගේ හා දානපතියන්ගේ පරිත්‍යාගයෙන් ගෙවා දැමූ බව එහි නායක සජිත් ප්‍රේමදාස පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.


“වචනය ක්‍රියාවෙන් ඔප්පු කිරීම අපගේ ප්‍රතිපත්තිය” වන අතර නායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක තමන් විසින් දෙන ලද පොරොන්දුව දෙදිනක් තුළ ඉටු කළ බව එම නිවේදනයේ දැක්වේ.

විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ, මෙරටට බුදු දහම රැගෙන පැමිණි මිහිඳු හිමියන්ගේ පාද ස්පර්ශයට පත් වූ ඓතිහාසික මිහින්තලේ රජ මහා විහාරස්ථානයට දැවැන්ත විදුලි බිලක බරක් ආණ්ඩුව මගින් පටවා තිබූ අතර ඒ හේතුවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද, බැතිමතුන් ද බලවත් පීඩනයකට සහ අපහසුතාවයකට ලක් වූ බව ය.

මෙම තත්ත්වය පිළිබඳව තම අවධානය යොමු වූ බව ත් පසුගිය දා මිහින්තලේ විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී නායක මාහිමිපාණන් වහන්සේ මුණගැසී තමන් පොරොන්දු වූයේ අදාළ විදුලි බිල ගෙවා දමන බවට සහ ඉදිරි පෙරහැර කටයුතු වලට වැයවන විදුලි බිල ද ගෙවන්නට කටයුතු කරන බවට යැයි විපක්ෂ නායකවරයා එහි දක්වා ඇත.

“එසේ සාකච්ඡා කොට දින දෙකක් යන්නට ත් මත්තෙන්, ආණ්ඩුව විසින් මිහින්තලා පුදබිමේ විදුලිය කප්පාදු කර දමන්නේ සිය චෞර මිතුරන්ගේ නිවාසවල වසර ගණන් එකතු වූ නොගෙවූ බිල් පත් තිබියදී එම නිවාසවල විදුලිය විසන්ධි කිරීමට සිතුවිල්ලකින්වත් උත්සුක නොවන පසුබිමක සිට” බව විපක්ෂ නායකවරයා සඳහන් කර තිබේ.

“අවස්ථාවාදය උදෙසා පමණක් ආගම දහම, ඉතිහාසය මෙන් ම සංස්කෘතිය ද යොදා ගන්නා ආණ්ඩුව සිය සැබෑ ස්වරූපය ඔප්පුකොට ඇත්තේ, මෙවැනි ආගමික සිද්ධස්ථාන අරභයා ක්‍රියාත්මක කෙනෙහෙළිකම් තුළින් වන අතර අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ, මෙවැනි බියගුලු සහ අන්තනෝමතික කටයුතු ඔස්සේ බෞද්ධාගමික සහ අනෙකුත් ආගමික ස්ථානවලට කරනු ලබන කෙනෙහිළිකම් වහා නවත්වන ලෙස යි,” යනුවෙන් ද එහි වැඩිදුරට ත් සඳහන් කර ඇත

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments