Saturday, April 27, 2024
Homeසියලුම පුවත්රටපුරා විරෝධතා අරඹනවා

රටපුරා විරෝධතා අරඹනවා

ආණ්ඩු විසින් විශාල වශයෙන් ජල ගාස්තු ඉහල දැමීමට විරුද්ධව ජනතාව පෙළගැස්වීම කඩිනමින් ආරම්භ කරන බවද ජාතික ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. රටපුරා උද්ඝෝෂණ මාලාවක් හා ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ඒ යටතේ ක්‍රියාත්මක කරන බවද මන්ත්‍රීවරයා පැවසීය. ඖෂධ ප්‍රශ්නය මෙන්ම ජනතාවගේ හිස මත දමා ඇති ආර්ථික පීඩනය ද මේ වන විට ජනතාව රෝගීන් බවට පත් කිරීමට තදින්ම බලපා ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. මුල්‍ය අරමුදල කොන්දේසි සපුරා ගැනීමට ගොස් ජනතාව පීඩාවට පත් කරමින් සිටින ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments