Saturday, April 27, 2024
Homeසියලුම පුවත්සිපෙට්කෝ ඉන්ධනහල් වැසී යාමේ අවධානමක්

සිපෙට්කෝ ඉන්ධනහල් වැසී යාමේ අවධානමක්

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධනහල් වල ඉන්ධන අලෙවිය 20%කින් පමණ පහළ ගොස් ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

තරගකාරීත්වය ඇති කිරීමට යැයි කියමින් විදෙස් සමාගම්වලට මෙරට ඉන්ධන වෙළෙඳපොළ විවෘත කළ පසු එක් සමාගමක් සෑම ඉන්ධන ලීටරයකම මිල රුපියල් හතකින් අඩුකර අලෙවි කරන බව ඔවුන් සඳහන් කළා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අවශ්‍ය නම් “සිපෙට්කෝ” ඉන්ධන ලීටරයක මිලත් රුපියල් හතකින් හෝ ඊට ආසන්න ගණනකින් පහළ දැමිය හැකි බවද ඔවුන් පවසයි.

නමුත් පරණ ණය ගෙවීමට අවශ්‍ය නිසා සිපෙට්කෝ මිල සතයක්වත් අඩු නොකරන බවට අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණා.

මේ ආකාරයට ගියහොත් සිපෙට්කෝ ඉන්ධනහල් වැසී යාමේ අවධානම ඇති බවයි බෙදුම්කරුවන්ගේ සංගමය පැවසූවා.

සිපෙට්කෝ ඉන්ධන මිල පාලනය කිරීමේ අයිතිය තෙල් සංස්ථාවට ලබාදෙන ලෙස සංස්ථාව බලශක්ති අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙන බවත් දැනට සංස්ථා තෙල් මිල තීරණය කිරීමේ බලය ඇත්තේ බලශක්ති අමාත්‍යාංශය සතුව බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments