Saturday, May 4, 2024
Homeක්‍රීඩාක්‍රිකට් තරගය මැද සම්ච්චල් කිරීමට එරෙහිව පැමිණිල්ලක්

ක්‍රිකට් තරගය මැද සම්ච්චල් කිරීමට එරෙහිව පැමිණිල්ලක්

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවති ඉන්දු – පාකිස්තාන තරගයේදී ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ හැසිරීම ඇතුළු කරුණු කිහිපයක් දක්වමින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
 
අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ඉන්දීය ප්‍රේක්ෂකයින් පාකිස්තාන ක්‍රීඩකයින්ට සම්ච්චල් සිදුකිරීමේ සිදුවීම් රැසක් වාර්තාවීම හේතුවෙන් අදාළ පැමිණිල්ල ගොනුකර ඇති බව වාර්තා වෙයි.

මෙම තරගය නැරඹිම සඳහා පාකිස්තාන ප්‍රේක්ෂකයින්ට අවස්ථාවන් නොලැබීම පිළිබඳවද මෙම පැමිණිල්ලේ කරුණු වාර්තා කර තිබේ.

මෙම තරගය නැරඹීම සඳහා පැමිණීම වෙනුවෙන් පාකිස්තාන ප්‍රේක්ෂකයින්ට වීසා ලබාගැනීමට විවිධ දුෂ්කරතා මතුවී ඇති බව සඳහන් ය.

ඒ අනුව පාකිස්තාන මාධ්‍යවේදීන් සඳහා වීසා ප්‍රමාද කිරීම මෙන්ම පාකිස්තාන රසිකයින් සඳහා වීසා ප්‍රතිපත්තියක් නොමැතිකම පිළිබඳව එම පැමිණිල්ල මගින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත සිය විරෝධය පළ කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments