Saturday, May 18, 2024
Homeසියලුම පුවත්රනිල් අගමැති, කතානායක දෙකේ කොළයට දායි

රනිල් අගමැති, කතානායක දෙකේ කොළයට දායි

ඊයේ රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පොලිස්පති ධුරයෙන් සී. ඩී. වික්‍රමරත්න ඉවත් කළ වහාම ඔහු නැවතත් එම ධුරයට පත් කිරීම මගින් ශ්‍රී ලංකාවේ අග්‍රමාත්‍ය ධුරය, කතානායක ධුරය මෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ද කඩමාලු බවට පත්කර ඇතැයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිශ්චිත කර තිබෙන ඉහල නිලධාරීන්ගේ පත් කිරීම් ලැයිස්තුවට පොලිස්පතිවරයා ද අයත් වේ. එවැනි පත් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සුදුසු නමක් යෝජනා කරන අතර ඒ අනුව පත් කිරීමේ බලධාරියා ලෙස පමණක් ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතුය. එහෙත් ඊයේ රැස්වූ එම ව්‍යවස්ථා සභාව සම්මත කර ගෙන තිබෙන තීරණයක් ජනාධිපතිගේ නියෝගයෙන් ඉතාම කෙටි කාලයක් තුළ බළ රහිත කර තිබේ.

එයින් නොනැවතී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කිසියම් ක්‍රමන්ත්‍රණයක් කළ බවට ප්‍රචාරය කරන ප්‍රවෘත්තිද නිර්මාණය කර බෙදා හරිමින් පවතී. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභා ද මේ වනවිට වක්‍රාකාරයෙන් ක්‍රියා විරහිත කර ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සභාවද මුලුමනින්ම ජනාධිපතිගේ බලය යොදා යටකර ඇති බව මෙයින් තහවුරු වේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments