Wednesday, May 8, 2024
Homeක්‍රීඩාශ්‍රී ලංකාවෙන් ලකුණු 210ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවෙන් ලකුණු 210ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 3කදී සියලුදෙනා දැවී ලකුණු 209ක් රැස්කර ගත්තේය.

එහිදී පැතුම් නිස්සංක පන්දු 67කදී හතරේ පහර 8ක් සමග ලකුණු 61ක් රැස්කරගත්තේය.

පන්දු 82කදී හතරේ පහර 12ක් සමග ලකුණු 78ක් රැස්කරගැනීමට කුසල් ජනිත් පෙරේරා සමත්විය.

කෙසේ වෙතත් අනතුරුව පිටියට පිවිසි කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙකුට ස්ථාවර වීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබුණි.

එහිදී Adam Zampa අගනා පන්දු යැවීමක නිරතවෙමින් නිලකුණු පන්දුවාරයක් සමග ලකුණු 47කට කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.

Pat Cummins සහ Mitchell Starc කඩුලු 2 බැගින් දවාගත්තේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments