Wednesday, May 8, 2024
Homeදේශපාලනඑකම විසඳුම යුද්ධය නෙවෙයි, දෙරටම ස්ථිරසාර සාමයක් වෙනුවෙන් එකතුවන්න – විපක්ෂ නායක...

එකම විසඳුම යුද්ධය නෙවෙයි, දෙරටම ස්ථිරසාර සාමයක් වෙනුවෙන් එකතුවන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පලස්තීන තානාපතිවරයා හමුවේ පවසයි 

පලස්තීනය සහ ඊශ්‍රාලය අතර මේ දිනවල මතුව ඇති අර්බුධකාරී තත්ත්වය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමෙන් දෙරටේ ජනතාගේ ජීවිත සුරක්ෂිතභාවය තවදුරටත් සහතික වන බවත් කිසිදු අවස්ථාවක ප්‍රශ්නයක් විසදීමට ඇති එක ම විසඳුම ප්‍රචණ්ඩත්වය හෝ යුද්ධය නොවන බවත් තමා තාවකාලික සාමයකට වඩා ස්ථිරසාර සාමය විශ්වාස කරන හෙයින් එවැනි ස්ථිරසාර සාමයක් සඳහා වන විසඳුමකට දෙරටේ නායකයන් හමුවී එකඟ වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (16) පලස්තීනයේ මෙරට තානාපති HE Dr. Zuhair Hamdallah Zaid මහතා හමුවේ පැවසීය

තවදුරටත් යුද්ධ කිරීමෙන් සිදුවන්නේ දරුවන්, මව්වරුන්, කාන්තාවන් ඇතුළු අහිංසක ජනතාව මියයෑම, තුවාල වීම හා විවිධ ආබාධ සහ අපහසුතාවන්ට ලක්වීම බැවින් මේ එළඹ ඇත්තේ තවදුරටත් දෙරට අතර යුද්ධමය තත්ත්වය පවත්වා ගෙන නොගොස් ස්ථිරසාර සාමයකට මුල පිරීම බවත් ප්‍රචණ්ඩත්වය අනුමත නොකරන පුද්ගලයකු ලෙස තමාට මේ අවස්ථාවේ ඉල්ලා සිටීමට ඇත්තේ දෙපාර්ශ්වයේම සිවිල් වැසියන්ගේ ජීවිත තවදුරටත් අනතුරේ නොහෙලා ස්ථිරසාර සාමයක් කරා පියනගන ලෙස යි. එසේම මෙම යුද්ධයෙන් ජීවිත හානි වූ, පවුල් අහිමි වූ දෙරටේම සිවිල් ජනතාව වෙනුවෙන් තමාගේ සාතිශය සංවේදය සහ කණගාටුව පුදකර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා විපක්ෂ නායකවරයා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර් මහතා ද එක් විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments