Friday, May 10, 2024
Homeදේශපාලනඅසූචි පොහොර ගෙනාපු වෙලාවේ තේරීම් කාරක සභා පත් නොකරපු ආණ්ඩුව ගොවීන්ගේ වතුර...

අසූචි පොහොර ගෙනාපු වෙලාවේ තේරීම් කාරක සභා පත් නොකරපු ආණ්ඩුව ගොවීන්ගේ වතුර ප්‍රශ්නය ගැන කතා කරපු මාධ්‍යට ‌එරෙහිව තේරීම් කාරක සභා දාන්න යනවා!

උඩවළවේ ගොවීන්ගේ වතුර ප්‍රශ්නය සජිත් උදේම පාර්ලිමේන්තුවේදී ඇදගනී! ආණ්ඩුව ගොවීන්ට වතුර නොදී විදුලියට වතුර තියාගෙන හිටියා! දැන් වතුර හිඳුනම වගාවට වතුර දෙන්නම් කියනවා! අසූචි පොහොර ගෙනාපු වෙලාවේ තේරීම් කාරක සභා පත් නොකරපු ආණ්ඩුව ගොවීන්ගේ වතුර ප්‍රශ්නය ගැන කතා කරපු මාධ්‍යට ‌එරෙහිව තේරීම් කාරක සභා දාන්න යනවා!

උඩවලව ජලාශ්‍රයේ අක්කර අඩි දෙලක්ෂ දාහත්දාහක් පවතින බවත් පසුගිය දිනවල ගොවීන් ජලය ඉල්ලන විට අක්කර අඩි 2000ක් පැවතියත් මේ වන විට එය අක්කර අඩි 918 දක්වා පහළ වැටී ඇති බවත් විපක්ෂ නායකවරය පැවැසීය.

මේ නිසා වම් ඉවුර සහ දකුණු ඉවුර ආදී ඒකක 7කට ජලය සපයන මෙහි පවුල් 30000කට ආසන්න ප්‍රමාණයක් අක්කර 62000ක වී, කෙසෙල්, උක්, බඩඉරිගු වගා කරන බවත් මීට පෙර සතියකට ජලය ඉල්ලු අවස්ථාවේ එය මුදා හැරියා නම් මේ ගැටලුව බොහෝ දුරකට විසඳෙන නමුත් කැබිනට්ටුව විසින් ගොවීන්ට ජලය නොදී විදුලිය සඳහා ජලය ඉතිරි කර වන්දි ලබා දීමට තීරණය කළ නිසා මේ ගැටලුව උග්‍ර වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නමුත් ජලය සම්පූර්ණයෙන් හිදුන පසු ජලය නිකුත් කිරීමට තීරණය කිරීමෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුවේ නිසි කළමනාකරණයකින් තොරව කටයුතු කිරීම බවත් ආණ්ඩුවේ මධ්‍යම ස්නායු පද්ධතිය අක්‍රීය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ අද (8) පාර්ලිමේන්තුවේ දී උඩවලව ගොවීන්ගේ ජල අයිතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හඬ නගමිනි.

අසූචි පොහොර වෙනුවෙන් තේරීම් කාරක සභා ඇති නොකළ රජය ජලය නොමැතිව හඬා වැළපෙන ගොවියාගේ දුක රටට හෙළි කළ මාධ්‍යයට විරුද්ධව තේරීම් කාරක සභා ඇති කිරීමට උත්සාහ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments