Sunday, May 5, 2024
Homeදේශපාලනකොළඹ ආරක්ෂාව වහා තරකර විරෝධතා කරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න - බස්නාහිර පළාතේ පොලිස්...

කොළඹ ආරක්ෂාව වහා තරකර විරෝධතා කරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න – බස්නාහිර පළාතේ පොලිස් ප්‍රධානියෙකුගේ අණපරිදි පොලිස් මෙහෙයුම් ඇරඹේ

බස්නාහි පලාතේ සියලුම පොලිස් ප්‍රධානීන් අද (10) සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගත් බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානියෙක් නැවත ආරක්ෂක මාර්ග බාධක සහිතව කොළඹ ආරක්ෂාව තර කරන ලෙස උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.

එමෙන්ම  දැනට ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය අත්පත් කරගෙන සිටින විරෝධතා කරුවන් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට ද  මෙහිදී උපදෙස් ලැබී ඇත.

ආරක්ෂක ලේකම් පොලිස් ඇමති සහ බස්නාහිර පළාතේ පොලිස් ප්‍රධානියෙක් කටුනායක ප්‍රදේශයේ හෝටලය රැඳී හිඳිමින් මෙම අණ ලබා දෙමින් මෙහෙයුම් කරන බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

ඊයේ දිනය තුළත් ඔවුන් තිදෙනා එකට රැඳී සිටි බව දැනගන්නට ඇත. මේ වනවිට පොලිස්පතිවරයා අභිබවා යමින් දේශපාලන රැකවරණය සහිතව පොලිසියේ පාලන බලය මෙම පොලිස් ප්‍රධානියා විසින් හසුරුවන බවත්  විශ්වාසකටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

මේ වනතුරුත් අරගලකරුවෝ ජනාධිපති මන්දිරයේ සහ අරලියග මන්දිරයේ රැඳී සිටිති.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments