Friday, May 10, 2024
Homeදේශපාලනපක්‍ෂ නායක රැස්වීමට එන්න ඉඩ නොදුන්නොත් ගණපූර්ණය ගැන ප්‍රශ්න මතු කරනවා

පක්‍ෂ නායක රැස්වීමට එන්න ඉඩ නොදුන්නොත් ගණපූර්ණය ගැන ප්‍රශ්න මතු කරනවා

විපක්ෂයේ සිටින තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයන්ට පක්ෂ නායක රැස්වීමට සහභාගී වීමට අවස්ථාව නොදෙන්නේ නම් සභාවේ රැක සිට මන්ත්‍රීවරුන් නොමැති අවස්ථා බලා ගණපූර්ණය පිළිබඳව ප්‍රශ්න මතු කරන බව විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ අසුන් ගෙන සිටින විමල්, වාසුදේව, ගම්මන්පිල ඇතුළු මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයකුට පක්ෂ නායක රැස්වීමට සහභාගී වීමට අවස්ථාව ලබා දෙන්නැයි එහි නියෝජිතයෝ දිගින් දිගටම ඉල්ලා සිටියහ. එහෙත් මේ වන තෙක් එම අවස්ථාව නොලැබුණු බවට චෝදනා කරමින් විමල් වීරවංශ මහතා ඊයේ ඒ පිළිබඳව සභාවේදී ප්‍රශ්නයක් මතු කළේය. මෙහිදී විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

“දැන් අපි මේ කියපු කාරණා ගැන සභානායකතුමා කථානායකතුමාට බෝලය පාස් කළා. මේ සභාවේදී කලින් තීරණය කළ පරිදි ඔබ මේ තීරණය ගන්න. එහෙම නොකළොත් මේකේ රැකගෙන ඉඳලා ගණපූරණය නැති හැම අවස්ථාවකදීම අපි සීනුව නාද කරනවා. වෙන කරන්න දෙයක් නෑ.”

මෙහිදී විපක්ෂයේ අසුන් ගෙන සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලනිපය ද දිගින් දිගටම පක්ෂ නායක රැස්වීම්වලට සහභාගී වීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටිනු ලැබිණි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments