Monday, May 20, 2024
Homeදේශපාලනකාන්තා නියෝජනය ඉහල නංවන්න කැපවෙනවා

කාන්තා නියෝජනය ඉහල නංවන්න කැපවෙනවා

ලංකා දේශපාලනයේ කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීමට තමා දැඩි කැපවීමකින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ වෙනුවෙන් සිදුකළ යුතු ප්‍රතිසංස්රණ පිළිබඳ අවධානය යොමු කර ඇති බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලය නැරඹීමට අද (8)පැමිණි මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක විසින් නඟන ලද පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් 100කට අධික සංඛ්‍යාවක් අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, කොළඹ වරාය නගරය, ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය නැරඹීමේ චාරිකාවකට එක්ව සිටි අතර ඔවුන් ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී ජනාධිපතිවරයා සමඟ සුහද හමුවකට ද එක් විය.

ජනාධිපති කාර්යාලයේ ඉතිහාසය සහ මෙරට රාජ්‍ය පාලනයේ ප්‍රධාන තීන්දු තීරණ ගන්නා ස්ථානය ලෙස එහි ව්‍යුහය මෙන්ම කාර්යභාරය පිළිබඳ මෙහිදී සිසුවියන් වෙත පැහැදිළි කළ ජනාධිපතිවරයා ඔවුන් විසින් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments