Sunday, April 28, 2024
Homeදේශීයඋප්පරවැට්ටි දමා ඡන්දය කල් දැම්මොත් බලා ගෙනයි--විපක්ෂයේ සියලු පක්ෂ තීරණයක

උප්පරවැට්ටි දමා ඡන්දය කල් දැම්මොත් බලා ගෙනයි–විපක්ෂයේ සියලු පක්ෂ තීරණයක

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සහ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන බව පවසමින් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කළහොත් ඊට එරෙහිව එක්ව කටයුතු කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ තීරණය කර ඇත.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය,උත්තර ලංකා සභාගය ,නිදහස ජනතා සන්ධානය යන පක්ෂ හා කණ්ඩායම් මෙසේ එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ලබන වසරේ ඔක්තෝබර් මාසයට පෙර ජනාධිපතිවරණයත් ,2025 වසරේ අගෝස්තු මාසයට පෙර මහ මැතිවරණයත් පැවැත්වීමට නියමිතව ඇති අතර,,නියමිත පරිදි මැතිවරණය නොපැවැත්වුවහොත් ජනතාවගේ ඡන්ද අයිතියආරක්ෂා කිරීම සඳහ නීති මඟින් කටයුතු කිරීමට හා මහජන බලයක් ගොඩ නැගීමට එම පක්ෂ හා කණ්ඩායම් තීරණය කර ඇතැයි දැනගන්නට ඇත

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments