Sunday, April 28, 2024
Homeදේශපාලනඉදිරි නඩු තීන්දු තීරණාත්මකයි: ඡන්දයකට මූලික වියදම බිලියන 2ක් සූදානම් කරගන්න –...

ඉදිරි නඩු තීන්දු තීරණාත්මකයි: ඡන්දයකට මූලික වියදම බිලියන 2ක් සූදානම් කරගන්න – මැතිවරණ කොමිසම මුදල් ලේකම්ගෙන් ලිඛිතව ඉල්ලයි

පළාත් පාලන මැතිවරණයට අදාළ නඩු කිහිපයක් ළඟදීම විභාග වීමට නියමිතව ඇති නිසා එහිදී හදිසියේ මැතිවරණය පැවැත්වීමට තීරණය වුවහොත් ඡන්ද විමසීමේ දිනය දක්වා මූලික වියදම් ලෙස අවශ්‍ය රුපියල් බිලියන 2.2ක පමණ මුදලක් සූදානම් කරගන්නා ලෙස මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශ ලේකම් වෙත ලිඛිතව දැනුම් දී ඇත.

පළාත් පාලන මැතිවරණයට රුපියල් බිලියන 09ක මුදලක් වැයවනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති නමුත් ඡන්ද විමසීම සිදුකරන දිනය දක්වා වියදමට අවශ්‍ය වනුයේ රුපියල් බිලියන 2.2ක පමණ මුදලක් බවද කොමිසම පෙන්වාදී ඇත.

ඉතිරි රුපියල් බිලියන 6.8 අවශ්‍ය වනුයේ මැතිවරණය අවසන්කර මාස එකහමාරකට පමණ පසුව බවත් ඒ ඉන්ධන, විදුලිය, මුද්‍රණ කටයුතු ඇතුළු ලබාගත් සේවාවලට අදාළ බිල්පත් පියවීමට බවත් කොමිසම සඳහන් කර ඇත.

මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පසුගියදා අගමැති හා රාජ්‍ය පරිපාලන ඇමැති දිනේෂ් ගුණවර්ධන හමුවී කල්දමා ඇති පළාත් පාලන මැතිවරණය හා පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය කරුණු සාකච්ඡා කර තිබේ.

මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙස කොමිසම ඉල්ලා ඇති අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු කරමින් සිටින බව අගමැතිවරයා එහිදී සඳහන් කර ඇත.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම නිසා අපේක්‍ෂකත්වය ලබා ඇති රාජ්‍ය සේවකයන් දැඩි ප්‍රශ්නවලට මුහුණ පා ඇති බවද ඒ සඳහා නිවැරදි වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද කොමිසම අගමැතිට දැනුම් දී තිබේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments