Sunday, April 28, 2024
Homeසියලුම පුවත්ජනමත විචාරණයක්..? නීති කෙටුම්පත් සැකසේ… රනිල් අගමැතිකමට.. දිනේෂ්ට පුටුව අහිමියි..?

ජනමත විචාරණයක්..? නීති කෙටුම්පත් සැකසේ… රනිල් අගමැතිකමට.. දිනේෂ්ට පුටුව අහිමියි..?

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට නැවතත් පූර්ණ බලැති අගමැති තනතුරක් ස්ථාපිත කිරීමට අදාළව කෙටුම්පත් කරන ලද නව ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් මේ වනවිට නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවට ආණ්ඩුව විසින් යවා ඇතැයි ඉතා විශ්වාස කටයුතු ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

වාර්තා වන ආකාරයට අදාළ කෙටුම්පත ජනාධිපති කාර්යාලයේ නීති අංශයෙන් නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවට යවා ඇත. මෙම කෙටුම්පතේ විශේෂ අන්තර්කාලීන විධිවිධානයක් ඇතුළත් කර ඇති වගද නීති අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වන අවස්ථාවේ මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන තැනැත්තා අග්‍රාමාත්‍ය ධූරයට පත්විය යුතු බව දක්වා තිබේ. එසේම නාමමාත්‍ර ජනාධිපති ධූරයක් ස්ථාපිත කිරීමද එහි තවත් යෝජනාවකි.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය අනුව වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංක 4 සහ වගන්ති අංක 30 සිට 41 දක්වා වන විධායක ජනාධිපති ධූරයට අදාළ වගන්ති සංශෝධනය කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ. නීති කෙටුම්පත් සම්පාදන කාර්යාලය විසින් මෙම කෙටුම්පත අනුමත කළ පසු නීතිපතිගේ සහතිකය ඊට ලබාගැනීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ඇත.

පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය අනුව රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙලෙස සංශෝධනය කිරීමට නම් මැතිසබයේ මන්ත්‍රීන් තුනෙන් දෙකක (2/3) අනුමැතියෙන් සහ අධිකරණ තීන්දුව මත ජනමත විමසුමකින්ද එය අනුමත විය යුතු බව නීති අංශ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව ඉදිරියේදී මේ සඳහා ජනමත විමසුමක් පැවැත්වීමේ ඉඩකඩ පවතින බවද වාර්තා වෙයි.

එසේම මෙම ව්‍යවස්ථා සංශෝධනයට සමගාමීව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සහ පාර්ලිමේන්තු සංයුතිය වෙනස් කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දැනටමත් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්ව ඇත. එනිසා ඉදිරි කාලයේදී මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුළුල් වෙනසක් සිදුකිරීමට රජය උත්සාහ දරමින් සිටින බව වැඩිදුරටත් දැනගන්නට තිබේ.

– දේශය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments