Sunday, April 28, 2024
Homeසියලුම පුවත්රාජ්‍ය බැංකු හයක කොටස් පුද්ගලික අංශයට

රාජ්‍ය බැංකු හයක කොටස් පුද්ගලික අංශයට

රජය විසින් රාජ්‍ය බැංකු හයක කොටස් පෞද්ගලික අංශයට විකිණීමට සැලසුම්කරණ කරමින් ඇතැයි ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.

එම සැලසුමේ මුල් පියවර ලෙස රාජ්‍ය බැංකු සමාගම් පනත යටතේ ලියාපදිංචි කිරීමට කටයුතු කරමින් සිටින බවද සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා පැවසීය.

ඒ අනුව දැනට ක්‍රියාත්මක වන රාජ්‍ය බැංකු පනත අහෝසි වන බව ද හෙතෙම පෙන්වා දෙයි.

මෙම බැංකු හය අතර ලෝකයේ විශාලතම රාජ්‍ය බැංකු තිහට ඇතුලත්වන බැංකු දෙකක්ද ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

රාජ්‍ය බැංකු පිහිටුවා ඇත්තේ ලාභ අපේක්ෂාව පන් මුල්කරගෙන නොව ඈත ගම් දනව්වල ජනතාවට සේවය කිරීමේ අරමුණින් බවත් පැවසූ ඔහු මෙම කටයුත්තට එරෙහිව ජනතාව සමඟ එක්වී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බවද ඔහු තව දුරටත් කියා සිටියේය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments