Thursday, May 2, 2024
Homeදේශීයඖෂධ හිඟයි… වෛද්‍යවරු හිඟයි… අනුරාධපුර ශික්ෂණ රෝහල අඩාලවන ලකුණු – වෛද්‍යවරු අනතුරු...

ඖෂධ හිඟයි… වෛද්‍යවරු හිඟයි… අනුරාධපුර ශික්ෂණ රෝහල අඩාලවන ලකුණු – වෛද්‍යවරු අනතුරු අඟවති

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවතින වෛද්‍ය හිඟය සහ අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය නිසා රෝගීන් මෙන්ම දැනට සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටින බව එම රෝහලේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවක එම වෛද්‍යවරු අනාවරණය කරන ලදී.

මෙම මාධ්‍ය හමුවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නිරතව සිටින වෛද්‍යවරු හා තඹුත්තේගම, පදවිය, මැදවච්චිය, කැබිතිගොල්ලෑව, කහටගස්දිගිලිය හා කැකිරාව යන මුලික රෝහල් 06යේ සේවයේ නිරත වෛද්‍යවරැ පිරිසක්ද එක්ව තිබිණි.

මෙහිදි අදහස් දැක් වූ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ උතුරු මැද පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය තේජන සෝමතිලක,

“අනුරාධපුර රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග රැසක ඇත්තේ නැහැ ඒවා හරිම හිඟයි. සායනික රෝගිනට දෙන ඖෂධ වර්ගත් හිඟයි. හෘදයාබාධ හා අධික රැධිර පිඩනයට රෝගින්ට ලබාදෙන සායනික ඖෂධ විශාල වශයෙන් හිඟයි. ඒ වගේම වකුගඩු රෝගින්ට ලබාදෙන කැල්සිපවර් වසරක පමණ කාලයක සිට රෝහලේ නැහැ

ඇදුම වැනි දිර්ඝ කාලින ස්වසන රෝග සදහා ලබාදෙන ඉන්හෙලර් වැනි ඖෂධ වර්ගවල විශාල හිඟයක් තියෙනවා අපස්මාරය රෝගය කියන්නේ භායනක රෝගයක්ඒ සදහා ලබාදෙන ඖෂධ දැන් මාස ගානක සිට ඇත්තේ නැහැ. ශල්‍ය කර්ම සදහා අවශ්‍ය තුවාල සදහා සැරහුම්, ප්ලාස්ටර්, සිලින්ජර්, බෙඩාඩින්, සජීකල් ස්ප්‍රීඩ් වැනි ඖෂධ වර්ග හිගයක් තියෙනවා. මේ නිසා එම ඖෂධ වර්ග පිටතින් මිලදි ගැනිමට රෝගීන්ට සිදුව තිබෙනවා. නිර්වින්දන ඖෂධවලත් හිගයක් වරින්වර පවතිනවා.”

මෙහිහි අදහස් දැක් වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ශෂික විතානගේ,

“අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් වසරකට වෛද්‍ය සිසුන් 200 පුහුණු කරනවා. ඒ වගේම පශ්චාත් උපාධිය සදහා වසරකට වෛද්‍යවරු 100 පුහුණු කරනවා. ඒ නිසා මේ රෝහලට විශේෂඥ වෛද්‍යවරුන් සේවය අත්‍යවශ්‍යයි. මේ මානව සම්පත පුහුණු කිරිමේ කාර්ය මිට පෙර හොදින් සිද්ධ වුණා.

නමුත් පසුගිය කාලයේ විශේෂඥ වෛද්‍යවරු රටහැර යාමේ හේතුව නිසා වෛද්‍යවරු පුහුණු කිරිම කෙසේ වෙතත් රෝහලට පැමිණෙන රෝගින් සදහා මුලික සත්කාරයවත් පවත්වාගත නොහැකිව බරපතල තත්වයකට මුහුණපා තිබෙනවා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ 2022 ජනවාරියේ සිට අද දක්වා විශේෂඥ වෛද්‍යවරු 19 දෙනකු රටහැර ගිහින්. මිට අමතරව ශ්‍රේණිධාරි වෛද්‍යවරු 27 දෙනකු රට හැර ගිහින්. තවත් විශේෂඥ වෛද්‍යවරු ගනනාවක් තමන්ගේ විදේශ ගමන් නිවාඩු අයදුම් පත් බාරදි තිබෙනවා. ඒ වගේම තවත් වෛද්‍ය 30කට ආසන්න ප්‍රමාණයක් රට යාම සදහා අවශ්‍ය සියළු විභාග සමත්ව සුදුසුකම් සපුරා ගෙන නිවාඩු අයදුම් කර තිබෙනවා.

මේ කාරණ මේ විදියට තියෙන කොට රජයට මේ දිහා ඇස්කන් පියා ගෙන බලාගෙන ඉන්න පුලුවන්ද? පවතින විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රොහලේ සත්කාරක සේවා දැඩි අර්බුදයකට ලක් වී තිබෙනවා. හිඟයයක් තියෙනවා. මේ නිසා මසකට රැපියල් 10,000ක, 15,000ක මුදලක් රෝගින්ට වැය කිරිමට සිදුව තිබෙනවා.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments