Saturday, May 4, 2024
Homeදේශීයමහින්දගෙන් විදුලිබල මණ්ඩලයට ලක්‍ෂ 27ක පොල්ලක්

මහින්දගෙන් විදුලිබල මණ්ඩලයට ලක්‍ෂ 27ක පොල්ලක්

print sharing button
facebook sharing button
twitter sharing button
pinterest sharing button

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වීරකැටිය නිවසේ උත්සවයකට සභාගිවීම වෙනුවෙන් 2019 වසරේ ආරක්‍ෂක පහන් සහ විදුලි ජනන යන්ත්‍ර සැපයීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 27 කට ආසන්න මුදලක් ගෙවීමට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

හිටපු ජනාධිපතිවරයා 2019 වසරේ සැප්තැම්බර් මස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා වීරකැටිය නිවසේ උත්සවයකට සහභාගි වන බැවින් ආරක්‍ෂක පහන් සවිකරන ලෙස කළ ඉල්ලීමකට අනුව තාවකාලික විදුලිය සපයා ආරක්‍ෂක පහන් සවිකර නැවත ගලවාගෙන ගිය බවත් එහිදී ආරක්‍ෂක පහන් සහ විදුලි ජනන යන්ත්‍ර සැපයීම වෙනුවෙන් රුපියල් 2,682,246.57 වියදමක් දැරූ බවත් එම මණ්ඩලය කියයි.

එම වියදම් මුදල ගෙවන ලෙස දන්වා ඇතත් එය මේ දක්වා ගෙවා නාමැති බව ද විදුලිබල මණ්ඩලයේ වාණිජ හා ආයතනින නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු වී. වී. ජනෙත් ලිඛිතව පවසයි. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments