Saturday, May 4, 2024
Homeදේශීයමිහින්තලා පුදබිමේ විදුලිය කැපුවට ලක්ෂ 26ක විදුලි බිල නොගෙවූ නායකයාගේ නම් විදුලිය...

මිහින්තලා පුදබිමේ විදුලිය කැපුවට ලක්ෂ 26ක විදුලි බිල නොගෙවූ නායකයාගේ නම් විදුලිය කැපුවේ නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ආණ්ඩුවට චෝදනාවක්

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 61ක් අතරින් ලක්ෂ 43ක්ම සාමාන්‍ය ජනතාව බවත් ආණ්ඩුව විදුලි බිල සියයට 500ක් දක්වා දෙවතාවක් වැඩි කලේ අඛණ්ඩව විදුලිය ලබා දීමට බවත් එහි දී ජල හිගයක් ඇති වුවහොත් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සඳහන් නොකළ බවත් ආණ්ඩුව පුනපුනාම සෑම ක්ෂේත්‍රයකම බොරුව වංචාව හොරකම රැවටිල්ල සහ ඇන්දවීම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය මිහින්තලා පුදබිමේ විදුලිය කඩිනමින් කැපුවාට ලක්ෂ 26ක විදුලි බිලක් ඇති මෙරට නායකයකුගේ නිවසේ විදුලිය කැපිමට කටයුතු නොකළ බවත් මිහින්තලා පුදබිමට වැඩිය එම නායකයාගේ නිවස වැදගත් ද කියා රජයෙන් ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (5) උදෑසන දළඳා මාළිගාව වැඳ පුදා ගැනීමේ අවස්ථාවට එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු සපයමිනි.

බෞද්ධයෙක් ලෙස මිහින්තලා පුදබිම සමග අපේ සමීප සබඳතාවක් ඇති බවත් සංස්කෘතික ඇමතිවරයා ලෙස ලක්ෂ 3200ක සංවර්ධන වැඩසටහනක් තමා ක්‍රියාත්මක කළ බවත් පසුගිය දිනක එහි ගිය අවස්ථාවේ එහි විදුලිය සම්පාදනය කිරීමට පුනර්ජනනීය බලශක්ති යොදා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත් මේ කරුණු අතරවාරයේ ආණ්ඩුව විසින් මිහින්තලා පුදබිමේ විදුලිය කප්පාදු කරන විට රටේ ප්‍රායෝගිකව වැඩ කරන විපක්ෂයක් ලෙස එම විදුලි බිල ගෙවා දැමීමට තිරණය කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම මිහින්තලා පුදබිමේ විදුලි බිල ගෙවනවාට අමතරව එහි අංගසම්පූර්ණ සූර්යබලශක්ති පද්ධතියක් ස්ථාපනය කිරීමේ වගකීම ද බාර ගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

ආණ්ඩුව අඛණ්ඩ විදුලි සැපයුමයැයි කියා හදිසි විදුලි මිල දී ගැනීම්වලට ගොස් ඩොලර් කුට්ටි ගණනින් ගසා කෑ හැකි බවත් ඇත්තවශයෙන්ම විදුලි බිල වැඩි කිරීමේ ක්‍රමවේදයේ විනිවිදභාවයක් තිබිය යුතු බවත් එවැනි විනිවිදභාවයක් නොමැතිව විදුලි බිල වැඩි කිරීම සහ හදිසි මිලදී ගැනීම් හරහා ඩොලර් කෝටි ගණනින් ගසා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එසේම සමගි ජන බලවේග රජයක් තුළ හොරකමට කිසිදු තැනක් ලබා නොදෙන බවත් 2024 මෙන්ම 2023ද මැතිවරණ වසරක් බවත් එසේ වුවත් වත්මන් ආණ්ඩුව ජනතාව අතරට යන්න මැතිවරණවලට මුහුණ දෙන්න බය නිවට බියගුලු ජන ඝාතක රජයක් බවත් පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments