Tuesday, May 21, 2024
Homeදේශීයලංකාවේ දොස්තරලගෙන් 40,000ක් හොරු – GMOA කියයි

ලංකාවේ දොස්තරලගෙන් 40,000ක් හොරු – GMOA කියයි

රට පුරා හොර දොස්තරලා 40,000ට අධික පිරිසක් රෝගී සත්කාර සේවාවේ නියැලී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

හොර දොස්තරලා 40000ට අධික පිරිසක්  රට පුරා සිටියද  සෞඛ්‍ය අමාත්‍යංශය සතුව සිටිනුයේ ශ්‍රේණි වෛද්‍යවරු 20000ක් සහ විශේෂඥ වෛද්‍යවරු 2600ක් දෙනෙකු පමණක් යැයි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙන වෙනම කළ සොයා බැලීම්වලදී මෙම පිරිස හඳුනා ගැනීමට හැකි වූ බවද හෙතෙම පවසා සිටියේය.

මෙරට නීත්‍යනුකූලව වෛද්‍ය සේවයේ යෙදිය හැකි වන්නේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියිපදිංචිය ලබා ගත් වෛද්‍යවරයෙකුට පමණක් යැයිද පැවසේ.

ආර්ථික අර්බුදය හමුවේ රට හැර යන වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් වෛද්‍ය අධ්‍යාපනය නොලැබූ  හොර වෛද්‍යවරුන් තව තවත් රට පුරා බිහිවීමේ අවදානමක් ඇතැයි ද හෙතෙම පෙන්වා දේ

බටහිර, ආයුර්වේද, හෝමියෝපති හා දන්ත යන විවිධ ක්ෂේත්‍රවල නියැලෙමින් මෙම හොර වෛද්‍යවරු රෝගී සත්කාර සේවා‌වේ නියැලෙමින් සිටින බවද වෛද්‍ය විජේසිංහ පෙන්වා දේ.
හොර වෛද්‍යවරුන් හඳුනා ගැනීමට සදහා මහජනතාවට ක්‍රමයක් නොමැති බැවින් ඔවුන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ජයටම සිදුවෙන බවද හෙතෙම පෙන්වා දේ.

මෙවැනි හොර වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු යම් සංකූලතාවක් මතු වුවහොත් හොර දොස්තරට විරුද්ධව පැමිණිලි කිරීමට කිසිදු ආයතනයක් නොමැති බවද වෛද්‍ය චමිල් අවදාරණය කරයි

Mawrata

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments