Friday, May 3, 2024
Homeසියලුම පුවත්ඇඹිලිපිටිය රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයා අතුරුදහන්…

ඇඹිලිපිටිය රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයා අතුරුදහන්…

ඇඹිලිපිටිය මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය අතුරුදන්වීමෙන් රෝහලේ හදිසි කටයුතු සියල්ලක්ම මේ වන විට අඩපන වී ඇත. පසුගිය දින කිහිපයේම ‍ඇඹිලිටිය මහ රෝහලේ නිර්වින්දන වෛද්‍ය වරිය සේවයට වාර්තා කර නැත. ඒ බව රෝහල් බලධාරීන්ට පවා දැනුම්දී නොමැත.

ඒ තත්වය මත වෙනත් අයෙකුගේ වත්ස්ඇප් අංකයකින් රෝහල් බලධාරීන් වෙත එම වෛද්‍යවරිය නැවත සේවයට වාර්තා නොකරන බව දැනුම්දී ඇතිබව රෝහල් බලධාරීන් පවසයි. මේ තත්වය මත රෝහලේ හදිසි ශල්‍ය කර්ම නතරකර දැමීමට සිදුව ඇත. මේ තත්වය දැඩි සත්කාර ඒකකයට මෙන්ම ශල්‍යාගාර දෙක සදහා බලපා ඇත. පසුගිය සිකුරාදා සිට මේ දක්වා නිර්වින්දන වෛද්‍යවරිය සේවයට වාර්තාකර නොමැත.

ඇඹිලිපිටිය මහ රෝහල පලාත්තුනක රෝගීන්ට ප්‍රතිකාර කරන රත්නපුර, මොණරාගල, මාතර,හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල රෝගීන් මෙම රෝහලෙන් සෙවය ලබාගනී.

දෛනික රෝගීන් 180ත් 200ත් අතර ප්‍රමාණයක් ප්‍රතිකාර ගැනීම සදහා නේවාසිකව ඇතුලත් වන අතර  2022 වර්ෂයේ පමණක් නේවාසිකව රෝගීන් 65695ක් ඇඹිලිපිටිය මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇත.

ඇඹිලිපිටිය රෝහලේට ස්ථිරවම නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනෙකු පසුගිය වර්ෂයේ සිට ඇත. ඒයින් මෙම රෝහලේ   සේවය කරන ලද එක්  නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු  2022.10.01 දින විදේශගතව ඇති අතර අනෙත් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා 2023.04.10 දින විදේශගතවී මේ දක්වා පැමිණ නැත. ඉන් අනතුරුව මේ දක්වා මෙම රෝහලේ සේවය කරන ලද නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය මේ ආකාරයෙන් මේවන විට සේවයට වාර්තා කර නොමැත.

මේ හේතුවෙන් සාමාන්‍ය ශල්‍යකර්ම හැරුනවිට අනෙකුත් සියලු ශල්‍ය කර්ම නතරකර දැමීමට මේ වන විට සිදුව ඇත. මේ හේතුවෙන් ඇඹිලිපිටිය මහ රෝහලට දී ශල්‍යකර්ම සදහා ඇතුලත්වන හා කලයුතු රෝගීන් රත්නපුර සහ කරාපිටිය යන රෝහල් වලට මාරුකර යැවීමට සිදුව ඇති බව රෝහල් බලධාරීන් පවසයි.

20200 වර්ෂයේ පමණක් ඇඹිලිපිටිය මහ රෝහලේ ශල්‍යකර්ම 9144 ක් සිදුකර ඇත

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments