Saturday, May 4, 2024
Homeදේශීයදුම්රිය ගාස්තුව 50% කින් ඉහළ දමන්න ඉල්ලයි

දුම්රිය ගාස්තුව 50% කින් ඉහළ දමන්න ඉල්ලයි

දුම්රිය ගාස්තුව 50% කින් පමණ ඉහළ දමන ලෙස කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය ගමනාගමන අධිකාරි ගාමිණි සෙනවිරත්න මහතා සඳහන් කළේ දිනකට එක් දුම්රියක් සඳහා ඉන්ධන ලිටර් ලක්ෂයකට අධික ප්‍රමාණයක් වැය වන බැවින් එම පාඩුව පියවා ගැනිම සඳහා අනිවාර්යෙන්ම ගාස්තු වැඩි කිරිම හැර වෙනත් විකල්පයක් නොමැති බව බවයි.

කෙසේ වෙතත් තවමත් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව දුම්රිය මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ අතර දුම්රිය ගාස්තු වැඩි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතියද ලබා ගත යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර ඉන්ධන නිකුත් කිරිම සීමා කිරීම හේතුවෙන් ඉදිරියේ දී බස් ධාවනය සීමා කිරීමට සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments