මිහින්තලේ පුදබිමේ ලයිට් කපයි

0
89

ලක්‍ෂ 35ක බිල ගෙවන්න සල්ලි නෑ – වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ කියති

මෙරටේ බුදු දහම ස්ථාපිත කිරීමේ කේන්ද්‍රස්ථානය වූ දළදා වහන්සේ, ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩමකර වීමට මූලික වූ, මිහින්තලා පුද බිමේ විදුලි බලය ඊයේ (3 දා) දහවල් විසන්ධි කළ බව, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණෝ පැවසූහ. “මම සෘජුව කතා කරන නිසා දේශපාලන නඩය තමන්ගේ ආසනය බේරා ගැනීම සඳහා ශාසනයෙන් පලි ගන්නාවා” යැයි ද උන්වහන්සේ මෙහිදී පැවැසූහ.

 

එහිදී උන්වහන්සේ මෙසේද පැවසූහ.

“මිහින්තලා රජමහා විහාරස්ථානයේ මිහිඳු සෑය ඉදි කිරීම වැනි සංවර්ධන කටයුතු රාශියක් සිදු කෙරෙමින් පවතින මොහොතක තමයි මෙම විදුලිය විසන්ධි කළේ.

 

ඒ හේතුවෙන් ඉදිරියේදී ජලයත් නොමැතිව යනවා. ධාතුන්වහන්සේලා තැන්පත් කර ඇති බුද්ධ මන්දිරය, පොලිස් මුරපළ, පුරාවිද්‍යා ස්මාරක අක්කර දහසකට වඩා වැඩි මෙම පූජා භූමිය අද ඉඳන් අඳුරේ.

 

මේ නිසා මිහින්තලාවේ පුරාවස්තු අනාරක්ෂිත තත්ත්වයට පත්වනවා, මේ භූමිය දඩයක්කරුවන්ගේ රජ දහනක් වෙන්න පුළුවන්. මේ සඳහා ද රජය අද සිට ක්‍රියාත්මක විය යුතුයි. ඒ විසන්ධි කරන්න ක්‍රියාත්මක වුණා වගේම පුරාවිද්‍යා අංශ ආරක්ෂකයන් යොදා මෙම පුරාවස්තු ආරක්ෂා කළ යුතුයි.

 

ඉදිරියට මිහින්තලය වන්දනාවේ පැමිණෙන බැතිමතුන් විදුලි පන්දමක් හෝ හුළු අත්තක් රැගෙන එන්න සිද්ධ වෙනවා සතා සර්පයාගෙන් බේරී මිහින්තලාව වැඳ පුදා ගන්න නම්

.

මේ 225 ම, මේ සිද්ධ කරන්නේ ශාසනයෙන් පලි ගැනීමක්.

විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් විහාරස්ථානයේ හිමිවරුන් මෙන්ම දායක දායිකාවන් ද දැඩි අපහසුතාවට පත් වෙනවා. මේ නිසා, අපි ඉල්ලා සිටින්නේ සංඝාවාසවලට මීටර් සවි කරලා වෙනම විදුලිය ලබා දෙන්න. ඒවා අපි ගෙවා ගන්නම්. ලක්ෂ 35ක් බිලක් ගෙවන්න විදියක් නැහැ. මුදල් නැහැ මේ අවස්ථාවේ. කරුණාකරලා සූර්ය පැනල පද්ධතියක් සවි කරන්න. පින් සිද්ධ වෙයි, අපට විදුලි එපා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here