Sunday, May 12, 2024
Homeසියලුම පුවත්සංචාරක ව්‍යාපාරයේ පිබිදීම මායාවක් – දත්ත මෙන්න

සංචාරක ව්‍යාපාරයේ පිබිදීම මායාවක් – දත්ත මෙන්න

සංචාරක ව්‍යාපාරයේ විශාල පිබිදීමක් ඇතැයි ආණ්ඩුව ප්‍රචාරය කළ ද, එහි තුළ සත්‍ය වශයෙන්ම පවතින්නේ මායවක් බව නවතම සංඛ්‍යා දත්තවලින් තහවුරු වේ.

පසුගිය 2022 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් අවසානය දක්වා මාස 09ක කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සමඟ සසදා බලනවිට මෙම වසරේ අදාළ කාලය තුළ එම පැමිණීම 93.1% කින් වර්ධනය වී තිබුණත් එමගින් විදේශ විනිමය ඉපයීම වර්ධනය වී ඇත්තේ 66.8%ක් වැනි අඩු අගයකින් බව මහ බැංකුවේ නිල දත්තවලින් තහවුරු වේ.

පසුගිය වසරේ මුල් මාස 9 තුළ විදේශ සංචාරකයින් 526,232ක් පැමිණ ඇති අතර එයින් උපුයා ගෙන ඇති අදායම ඩොලර් මිලියන 873.1කි. ඒ අනුව එක් සංචාරකයෙකුගෙන් මෙරටට ලැබුණු ඩොලර් ප්‍රමාණය 1,659ක් වේ. මෙම වසරේ මුල් මාස 09 තුළ සංචාරකයින් 1,016,256ක් පැමිණ ඇති අතර ඔවුන්ගෙන් උපයා ගෙන තිබෙන ආදායම ඩොලර් මිලියන 1,456.7කි. මේ අනුව එක් සංංචාරකයෙකුගෙන් ලැබී ඇත්තේ ඩොලර් 1,433ක් වන අතර පසුගිය වසරේ එක් සංචාරකයෙකුගෙන් ලැබුණු ආදායමට වඩා ඩොලර් 226ක කඩා වැටීමක් සිදුවී ඇත.

මේ අඅඅඅතර රනිල් පොහොට්ටු හවුල් ආණ්ඩුයේ ආර්ථිකය හැකිලීමේ ක්‍රියාමාර්ග නිසා මෙරට කාර්මික අපනයන ආදායම පසුගිය වසරේ මුල් මාස 8ට වඩා මෙම වසරේ එම කාලයක තුළ ඩොලර් මිලියන 894.1කින් කඩා වැටී ඇති අතර සංචාරක ව්‍යාපාරයෙන් මාස 9න් කුළ ගිය වසරට වඩා ඉපයීම් වැඩියී ඇත්තෙ ඩොලර් මිලියන 583.6කින් ය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments